தமிழ்
English
Contact
Friday 16th April 2021    
කොරෝනා මරණ වැලලීමේ ගැසට් නිවේදනය ජිනීවා මගහැර යාමට ගැසූ ගැටයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා මරණ වැලලීමේ ගැසට් නිවේදනය ජිනීවා මගහැර යාමට ගැසූ ගැටයක්!



(TopNews) ආණ්ඩුව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව ආසන්නයේ කොරොනා මරණ භූමදානයට අවසර දෙන බවට කළ ගැසට් නිවේදනය පුස්සක් හා බොරුවක් බවට පත්ව ඇත.

මෙම ගැසට් නිවේදනය මානව හිමිකම් චෝදනාවලින් ගැලවීමේ උපක්‍රමයක් ලෙස ප්‍රකාශයට පත් කළද එය ක්‍රියාත්මක කිරීමේ අභිලාෂයක් ආණ්ඩුවේ බලධාරින්ට නොමැති බව මේ වන විට අනාවරණය වී ඇත. මෙම නිවේදනය ප්‍රකාර මරණ භූමදානයට අවසර දෙන රෙගුලාසි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හරහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු දක්වා නිකුත් විය යුතුව ඇතත් තවමත් එවැන්නකට ආණ්ඩුව සූදානම් නැත.

මෙම ගැසට් නිවේදනයෙන් කොරෝනා ආසාදිතයකු මිය ගිය විට අනිවාර්යයෙන් භූමදානය කළ යූතු බවට වූ නීතිය අහෝසි වුවද ප්‍රායෝගිකව එය කළ යුතු ආකාරය තවමත් අපැහැදිලිය. මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ භූමදානයට අවසර දුන් නමුත් එසේ භූමදාන කිරීමට හුදකලා දූපතක් වැනි ස්ථානයක් සෙවිය යුතු බවය. නමුත් මරණයක් කොරෝනා ආදාහනය නොකරන බවට තීන්දු කළ පසුව එය දූපතක් වෙත ගෙනයාමට තීරණ ගැනීම නැවත වරක් මළවුන් සම්බන්ධ අයිතිවාසිකම් මෙන්ම ඥාතින්ට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. ඒ නිසාම ආණ්ඩුව ගැසට් නිවේදන ප්‍රචාරයකින් ජිනීවා මානව හිමිකම් සමුළුව පසුකර ගෙන ආවද මානව හිමිකම් සම්බන්ධ තුට්ටුවක තැකීමක් නොමැතිව තීරණ ගන්නා බව යළිත් සනාථකරමින් සිටී.