தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කොරෝනා මර්දනයට ලැබුණු අරමුදල් ගැන හෙළිකරන්න - රනිල් වික්‍රමසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා මර්දනයට ලැබුණු අරමුදල් ගැන හෙළිකරන්න – රනිල් වික්‍රමසිංහ



කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍ය භාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා වසංගතය ගෝලීය වසංගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ පත් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල්, සංවිධාන සහ ආයතන කොරෝනා මර්දනය සඳහා හදිසි අරමුදල් ප්‍රදානයන් රැසක් මෙරටට සිදුකළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඍජුවම මෙරටට ලබා දී ඇති ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබූව ද ගැටලුව වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ මත වෙනත් රටවල් , සංවිධාන සහ ආයතන මගින් ලැබුණු ආධාර මුදල් පිළිබඳ රජය නිවැරදි පැහැදිලි කිරීමක් නොකිරීම බව රනිල් වික්‍රමසිංහ පවසයි.