Posted on 02.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මේ වනවිට කොරෝනා වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති නමුත්, ආණ්ඩුව විසින් අසත්‍ය සංඛ්‍යා දක්වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
‘මවුරට’ වෙබ් අඩවියට ඔහු පවසා ඇති කරුණු අනුව, මෙම වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු නොසොයා ඇතැම් නිලධාරීන් සපයන සංඛ්‍යා ලේඛන මත පමණක් විශ්වාසය තැබීමෙන් වසංගතය පාලනය වඩාත් දුෂ්කර වනු ඇත.
ඇතැම්විට, විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන කොවිඩ් 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බව පවසන සෞඛ්‍ය නිලධාරි සංගමයේ සභාපතිවරයා රජයේ වගකිව යුතු අංශවලට සත්‍ය සංඛ්‍යා තොරතුරු අවශ්‍ය නම්, තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවක් ඇතිව කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සබාපතිවරයා සඳහන් කළේ බස්නාහිර පළාතට බලපා තිබූ මේ ප්රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති බවය. දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක කර්මාන්තපුරවල සහ පෞද්ගලික අංශවල සේවක පිරිස්ද කොවිඩ් ආශ්රිත තත්ත්වයට පත් වී ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සොයා දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද එම සංගමයේ අදහස වී ඇත.
(මූලාශ්‍රය – ‘මව්රට’ වෙබ් අඩවිය)