Posted on 03.19.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි පරිදි දිවයින පුරා රෝහල් 24 ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි පවසයි.
කොරෝනා (කොවිඩ් -19) වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඇය කියා සිටියේ මෙම රෝහල් සඳහා සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ පහසුකම් ලබා දී ඇති බවයි.
මෙම රෝහල් වන්නේ කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, ළමා රෝහල, අයි.ඩී.එච්. රෝහල , රාගම පුනරුත්ථාපන රෝහල, උතුරු කොළඹ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, මඩකලපුවේ ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කරපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, මිගමුව දිස්ත්‍රික් රෝහල, ගම්පහ දිස්ත්‍රික් රෝහල, හලාවත මූලික රෝහල, පොලොන්නරුව දිස්ත්‍රික් රෝහල, මොණරගල දිස්ත්‍රික් මහ රෝහල, කළුතර දිස්ත්‍රික් මහ රෝහල, මාතර දිස්ත්‍රික් මහ රෝහල, මාරවිල මූලික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ වවුනියා දිස්ත්‍රික් මහ රෝහලයි.
මෙම රෝහල් කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම් සඳහා වෙන් කරනු ලැබුවද මේවායෙහි ඇති පහසුකම් ප්‍රමාණවත්ද යන ගැටලුව පවතියි. ආණ්ඩුව පහසුකම් ලබාදීම යනුවෙන් අදහස් කරන්නේ ආරක්ෂිත උපකරණ සහ යම් යම් ඖෂධ විය යුතුය. නමුත් රෝහල්වල තිබෙන උපකරණ සහ ගොඩනැගිලි පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වසංගත තත්ත්වයකදී අත්‍යවශ්‍ය හුදකලා කිරීමේ කාමර පහසුකම්, දැඩි සත්කාර එකක පහසුකම් ඒ සඳහා අවශ්‍ය උපකරණ මීට පෙර නම් කරතිබූ ප්‍රධාන රෝහල්වල පවා ප්‍රමාණවත්ව නොමැති බව වෛද්‍ය වෘත්තිකයන් අනතුරු අඟවා තිබුණි. ඒ අනුව මෙම නම් කිරීම් සිදුවන්නේ කිසිදු පහසුකම් වැඩිකිරීමක් සිදු නොකර සංදර්ශනයක් ලෙස බව පැහැදිලි වේ.