Posted on 11.05.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයින්ට සිය කුලී නිවාසවලින් ඉවත් වීමට සිදුව ඇති බැවින් රෝහල් සත්කාර සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා රෝගීන්ට සත්කාර සේවාවන් සැපයීම හේතුවෙන් මොවුන් එම කුලී නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික රෝහලේ ප්රකාශකයෙක් පවසා තිබේ.
රෝහල් පරිශ්රයට ආසන්න කුලී නිවාසවල පදිංචිව සිටි මෙම සේවකයන් රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම පැමිණිය යුතු සේවකයන් බවද පැවසේ.