Posted on 11.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා රෝගීන් මහමග මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු කළ බවට සැක පිට තවත් අයකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා, අද දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ මහමග කොරෝනා රෝගීන් මියයාම හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා කරමිනි. 28 හැවිරිදි මෙම තරුණයා මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.