தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කොරෝනා ව්‍යාප්තියේ වරද ගුරු අරගලය මත පැටවීමට පොලිසියෙන් තොරතුරු ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ව්‍යාප්තියේ වරද ගුරු අරගලය මත පැටවීමට පොලිසියෙන් තොරතුරු ඉල්ලයි!



(TopNews) ගුරු උද්ඝෝෂණවලට පසුව එක් ඒක් පොලිස් වසම් තුළ කොරෝනා ආසාදිතවූ හෝ රෝගීන් වී මිය ගිය ගුරුවරු, විදුහල්පතිවරු පිළිබඳ විධිමත්ව තොරතුරු එක් රැස් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය පොලිස් ස්ථානවල කටයුතු කරන පොලිස් නිලධාරින් රාජකාරිමය වශයෙන් යොදවා ඇත.

මේ සඳහා දිවයිනේ විවිධ ස්ථානවල පැවැත්වූ ගුරු විරෝධතා, පෙළපාලි සහ උද්ඝෝෂණ සම්බන්ධවත්, ඊට සහභාගිවූවන්ගේ සහ සංවිධානය කළවුන්ගේ වාර්තාවක් වහාම ලබා දෙන මෙන් පොලිස් ස්ථානවලට නියෝගයක් යවා ඇත.

මෙම වාර්තාව පොලිස් වසම් මට්ටමෙන් සකස් කිරීමට තීරණය කර ඇති අතර, දැනට ක්‍රියාත්මක වන ගුරු-විදුහල්පති අරගලයට අදාළ රැස්වීම්, උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වූ ස්ථාන, ඒවා සංවිධානය කළ පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් ඇතුළත් කළ යුතු බව දන්වා ඇත.

ගුරු අරගලය පැවති කාලයේ රජයේ ඇමතිවරු ගණනාවක් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අවමන් කරමින් ඔවුන් කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීමට මැදිහත්වන බවට චෝදනා කළහ. එසේම සමාජ මාධ්‍ය තුළ සංවිධානාත්මකව ප්‍රචාරයක් ගෙන යමින් ව්‍යාජ තොරතුරු හා ඉන්දියාවේ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතුළත් කර වෛරී ප්‍රචාර ගෙන යන ලදී.

කෙසේවෙතත් වර්ජනයට සහභාගි වීමෙන් ගුරුවරු හෝ වෙනත් අය කොරෝනා වැලඳුණු බවට හෝ මිය ගිය බවට සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අසමත් විය. මෙම පසුබිම තුළ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ ආණ්ඩුවේ ඇමතිවරුන් වසංගතයට ගොදුරු වී ඇති බවද වාර්තා විය. නමුත් දැන් සංවිධානාත්මක වශයෙන් ගුරු අරගලයට පහරදීමට ආණ්ඩුව පොලිසිය යොදවා තොරතුරු එක් රැස් කරන බව මෙයින් අනාවරණය වේ.

මේ අවශ්‍යතාව අනුව, ප්‍රාද්ශීය ලේකම් කාර්යාලවල මට්ටමෙන් පොලිස් බල ප්‍රදේශවල තොරතුරු ඉල්ලමින් යවන ලද ලිපියක පිටපතක් පහත පළ වේ.