தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
කොරෝනා වසංගත අවස්ථාවෙන් සමහර ඡන්ද අපේක්ෂකයෝ ප්‍රයෝජනය ගන්නවා - මංජුල ගජනායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වසංගත අවස්ථාවෙන් සමහර ඡන්ද අපේක්ෂකයෝ ප්‍රයෝජනය ගන්නවා – මංජුල ගජනායක



කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමට නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම අතිශයින් දුෂ්කර වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථනයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසයි.

සමහර අපේක්ෂකයින් අර්බුදකාරී තත්ත්වය දේශපාලන වාසි සඳහා යොදාගෙන ඇති බවද මංජුල ගජනායක පවසයි.

“අපේක්ෂකයින් 7,452 ක් පමණ නාමයෝජනා ලැයිස්තුවේ ඉන්නවා, එය මෙතෙක් පැවති මහ මැතිවරණයකට වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන පළමු අවස්ථාව මෙය. කොරෝනා පැතිරීම නිසා මැතිවරණ නීති නීති උල්ලංඝණය කරන අපේක්ෂකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ ගැටලුවකට මැතිවරණ කොමිසම මුහුණ දීලා තියෙනවා “

මංජුල ගජනායක පවසන්නේ වර්තමාන තත්ත්වය අනුව, මැතිවරණ කොමිසමට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ හැක්කේ දුරකථන, ඊමේල් සහ වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් හරහා පමණක් වන අතර, ඇඳිරි නීතිය හේතුවෙන් නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා නිරීක්ෂණයට නිලධාරීන් යැවීම කළ නොහැකි වී ඇති බවයි.

සමහර අපේක්ෂකයින් ජනතාවට වියලි ආහාර බෙදමින් සිටින බව සහ කොරෝනා පරාජය කිරීමට ප්‍රතිඥා දෙමින් යෝධ කටවුට් ප්‍රදර්ශනය කරන බව මංජුල ගජනායක පෙන්වා දී තිබේ.