Posted on 03.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇඳිරි නීතිය සහිත කාල පරිච්ඡේදයේ කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ හිංසන වාර්තා වෙමින් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී පුෂ්පා රම්‍යා සොයිසා වාර්තා කර තිබේ.
ඇය සිය facebook ගිණුමේ සටහන් තබමින් ඇය පවසා සිටින්නේ වෙනත් දිනවල හදිසි අනතුරු හේතුවෙන් 250ක් පමණ රෝහල් ගතවෙන නමුත් ඊයේ දිනයේ වාර්තා වූවේ රෝගීන් 66දෙනෙකු පමණක් බවයි. ඔවුන් අතර ගෘහස්ථ හිංසනයට ලක්වූ කාන්තාවන්ද සිටින බව හෙද නිලධාරිණිය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි හදිසි අවස්ථාවලදී සහ ගැටුම් අවස්ථාවලදී කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්රචණ්ඩත්වයන්වල වැඩිවීමක් දක්නට ලැබේ.
එසේම චීනය තුළ කොරෝනා වයිරසය පැතිරෙමින් තිබුණු කාල සීමාවේ තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් ඉහළ ගොස් ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි. පසුගිය පෙබරවාරි මාසය තුළ චීනයේ ගෘහස්ථ හිංසන ක්‍රියා 2019 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ගාර්ඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.