தமிழ்
English
Contact
Friday 14th August 2020    
කොරෝනා වසංගත සමයේ ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීම මර්දනයක් - එ. ජා. මානව හිමිකම් මහකොමසාරිස් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වසංගත සමයේ ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීම මර්දනයක් – එ. ජා. මානව හිමිකම් මහකොමසාරිස්



කොරෝනා වසංගත සමයේ, ලංකාව ඇතුළු රාජ්‍යයන් ගණාවක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචල් බැෂලේ අප්‍රසාදය පළකර තිබේ.
වසංගත සමයක නිදහස් අදහස් පළ කිරීම, විරෝධය දැක්වීම හා වෙනස් මතවලට ඉඩදීම සම්බන්දයෙන් අවදානය යොමුකළ යුතු බව පවසන ඇය, වැරදි පුවත් වාරණය හා අදහස් පළ කිරීමේ නිදහස පටලවා ගත යුතු නොවන බවද අවධාරනය කරයි.
ඇය පවසන්නේ මේ වනවිට, ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, චීනය, මැලේසියාව, සැලකියවියට්නාමය, ඉන්දුනීසියාව හා පිලිපීනය යන රටවල අදහස් ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම් වාර්තාවන බවයි. ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය අප්‍රේල් 25 පොලිස්පතිවරයා වෙත ලියු ලිපියකින් විරෝධය දක්වන ලද්දේ රජයේ නිලධාරින් හා පිලිවෙත් විව‌ේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක් බවද ඒ් හේතුවෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථා විරෝධි බවය. ඒසේම සමාජ ජාල ඔස්සේ ආණ්ඩුවේ වසංගත මර්දන වැඩසටහන්වල අඩුපාඩු පෙන්වා දෙන හෝ ඒ්වා විවේචනයකරන පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගෙන විවිධ බොරු චෝදනා ගොනුකර තිබිණි.
මේ සම්බන්ධ වැඩිදුර අදහස් පළකරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය පවසා තිබුනේ රටවල් ගණනාවක අත්තනෝමතික ආකාරයේ අත්අඩංගුවට ගැනීම් හා චෝදනා ගොනු නොකොට රඳවා තබාගැනීම් වාර්තාවන බවය. ලංකාවේදී අන් අයකුගේ මතයක් සෙසු අය සමග බෙදාගැනීමේ සමාජ ජාල ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරිහැරයට පත් කිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බව ඇය පැවසුවාය.
විවිධ මත දැරීම, අදහස් ප්‍රකාශ කිරීම, මතවාදී සාකච්ඡා කිරීම, ප්‍රචාරය කිරීම හා විරෝධය පළ කිරීම යන හේතු නීත්‍යනුකූලව පුරවැසියන්ට හිමි විය යුතු අයිතීන්ව තිබියදී මෙවැනි මර්දනයන් කනගාටුදායක බව මිචල් බැෂලේ පවසයි. විශේෂයෙන්ම නීතිමය වශයෙන් කිසිදු වරදක් ‌නොවන තත්වයකදී පුද්ගලයන්ට හිරිහැර කිරීම විසින් කොරොනා වසංගත මර්දනයට කිසිදු සාධනීය බලපෑමක් නොවන බවද ඇය පෙන්වා දෙයි.