தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කොරෝනා ව්‍යාප්තිය මැද ආයෝජන කලාප ක්‍රියාත්මක කිරීමෙන් කම්කරු ජීවිතවලට දැඩි අවදානමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා ව්‍යාප්තිය මැද ආයෝජන කලාප ක්‍රියාත්මක කිරීමෙන් කම්කරු ජීවිතවලට දැඩි අවදානමක්!



මේ වනවිට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් ඔබ්බට ගොස් ඇති බව විවිධ සාධකවලින් පෙන්නුම් කරමින් තිබියදී ආයෝජන කලාප දිගටම ක්‍රියාත්මකව පවත්වාගෙන යාමෙන් එහි සේවය කරන දස දහස් ගණන් කම්කරු ජීවිත අනතුරට පත්ව ඇත.
මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසන ආකාරයට මෙවර කොරෝනා රෝගයේ ව්‍යාප්තිය කෙටි කාලයකින් වැඩි ප්‍රදේශ ගණනාවක විහිද පැවතීම අතිශය අවදානම් තත්වයකි. ආණ්ඩුවේ තොරතුරු හෙළිදරව් කරන ආකායට අද(16) දිනය වනවිට රෝගය ව්‍යාප්ත වී නැත්තේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 21කට පමණි.
මේ තත්වය නිසා ‘නිදහස් වෙළඳ කලාප‘ ලෙස හඳුන්වන කටුනායක, බියගම, කොග්ගල ඇතුළු මෙරට දිස්ත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක වන ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන සේවක සේවිකාවන් කොරෝනා රෝගය වැලඳීමේ අවදානමක සිටින අතර ආණ්ඩුව දිගින් දිගටම අවධාරනය කරන්නේ කොරෝනා වසංගතය සමාජයේ ව්‍යාප්තියක් නැති බව.් එසේ ව්‍යාප්තවීම පාලනයකර ඇති බවත්ය. එසේ වුවද මේ දක්වා මෙම රෝගය නැවත වරක් ව්‍යාප්ත වීමේ තොරතුරු නිසි ලෙස අනාවරණය නොකර සිටීමෙන් කම්කරු ජීවිත අවදානමට හෙළා ඇති බව වෘත්තිය සමිති පවසයි.