தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
කොරෝනා වෛරසය හේතුවෙන් ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3ක් වසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා වෛරසය හේතුවෙන් ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3ක් වසයි



චීනය පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සුප්‍රකට ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාල 3 ක් තාවකාලිකව වසා දැමීමට ගුගල් සමාගම පියවර ගෙන තිබේ.

මෙලෙස තාවකාලිකව වසා දමා ඇත්තේ චීනය, හොංකොං සහ තායිවානය යන රටවල ප්‍රධාන කාර්යාල වේ. වෙනත් රටවල සිටින සේවකයන්ට එම කාර්යාලවල සේවයට පැමිණීම නවත්වා ඇති අතර චීනයේ සිටින සේවකයන්ගෙන් සති දෙකක කාලයක් නිවෙස්වල රැඳී සිටිමින් සේවය කරන ලෙස ඉල්ලා තිබේ.

ගුගල් සමාගම මෙම කාර්යාල පවත්වාගෙන ගොස් ඇත්තේ අලෙවි ප්‍රවර්ධන සහ ඉංජිනේරු කටයුතු සඳහාය.