தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කොරෝනා සමයේ ආර්ථිකය ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා සමයේ ආර්ථිකය ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි!



කොරෝනා වසංගතය නිසා භාණ්ඩ අලෙවිය අඩුවී තිබියදී වියයුතු ආකාරයට බඩුමිල අඩුනොවී ඉහළ ගිය ඒකම රට ලංකාව යැයි එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ ආර්ථික තොරතුරු ජනතාවගෙන් වසන් නොකර සත්‍ය ප්‍රකාශ කිරීමෙන් ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇති බවද ඔහු ආණ්ඩුවේ බලධාරින්ට යෝජනා කර ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ, ඉදිරි මහ මැතිවරණයට තරගවඳින මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් වෙනුවෙන් ඊයේ(03) පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය නායකයා මෙසේද පැවසීය.
“ලංකාවේ ආර්ථිකයේ විශාල කඩාවැටීමක්. අපේ ආදයම් අඩු වෙලා. රජයේ වියදම් හා ආදායම් අතර පරතරය විශාලයි. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 9ක හිඟයක්. මේ ගැන කරුණු හෙළි කරන්න. ජනතාවට බලපාන ප්‍රශ්නයක්. ජාත්‍යන්තරයෙන් ණය, ආධාර ලැබෙනවාද? ආර්ථිකය ගැන දැනගන්න අයිතියක් තියෙනවා. හංගන්නේ නැතුව ඇත්ත කියන්න. අපි අදහස් හුවමාරු කරගමු. කරුණු සැඟවීමෙන් සිදුවෙන්නේ. සාගින්නට යටවී මිය යන්න. සහන දෙන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරමු”