தமிழ்
English
Contact
Friday 14th May 2021    
කොරෝනා සැකය මත කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොරෝනා සැකය මත කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි



කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත.

එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව වාර්තා වේ.

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය පවසා ඇත්තේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නැති බවයි.

මෙම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද එය අවදානම් තත්ත්වයක් යැයි ද ඇය පවසයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසා ඇත්තේ මෙම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ ආයතන ගත යුතු නමුත් ඔවුන් වගකීම් විරහිතව ක්‍රියා කරමින් සිටින බවය.