தமிழ்
English
Contact
Friday 24th May 2019    
කොලොම්බියානු නව ජනාධිපති ඉවාන් ඩියුකේ දිවුරුම් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොලොම්බියානු නව ජනාධිපති ඉවාන් ඩියුකේ දිවුරුම් දෙයි



පසුගිය ජුනි මස නව ජනාධිපතිවරයා ලෙස තේරුනු ඉවාන් ඩියුකේ ඊයේ සිය ධූරයේ දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව ජනාධිපතිවරයා දිවුරුම්දීමෙන් පසුව පවසා ඇත්තේ එක්සත් කොලොම්බියාව ගොඩනැගීමටත් ආර්ථික සංවර්ධනය ලගාකිරීමටත් සිය ධූරයේ කාලය කැප කරන බවය.

පසුගිය ජුනි මස පැවැති ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝ පෙට්රෝ සමග තියුණු තරගයකින් පසුව හෙතෙම කොලොම්බියාවේ නව ජනාධීපතිවරයා ලෙස තේරීපත්විය.

හිටපු ජනාධීපතිවරයෙකු වන ඇල්වරෝ උරුබිගේ අනුප්‍රාප්තිකයකු ලෙස ඉවාන් දක්ශිණාංශික දේශපාලනඥයෙකි. බලයෙන් ඉවත්ව යන හිටපු ජනාධිපති ජුවාන් සැන්ටෝස් හා කොලොම්බියානු ගරිල්ලා සංවිධානය වන ෆාර්ක් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කළද ඉවාන් ඩියුකේ එයට එරෙහිව කටයුතු කළ අයෙකි.

එම සාම ගිවිසුම පිළිබදව පැවැති ජනමත විචාරණයද පරාජයට පත්වීම හේතුවෙන් සාම ක්‍රියාවලිය පිළිබදවද අවිනිශ්චිත තත්වයක් උදාවී තිබෙන බව දේශපාලන විචාරකයින් අදහස් පළකරති.