Posted on 01.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (13) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 692 දෙනාත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 50229ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් 692 දෙනා අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 04 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුත් සිටින බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6715ක් වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 43267කි.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 247ක් වේ.