தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
කොවිඩ් රෝගීන් ඉහළ යාම නිසා රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් රෝගීන් ඉහළ යාම නිසා රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි



රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ පවසයි.

ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීම මෙම ආපදා තත්ත්වය යටතේ සිදුවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසා තිබේ.

එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බව කී ඔහු ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බව ද පෙන්වා දුන්නේය. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා ඇත.

රටේ සහ රෝහලේ පවතින කෝවිඞ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඞ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බව ද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ පවසා තිබේ.

රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ කෝවිඞ් 19 වැළඳුණ බරපතල රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබයි. ඒ වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපිත කර ඇත.