தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
කොවිඩ් වෛරසයට එරෙහි 'molnupiravir' ඖෂධයට තාක්ෂණික කමිටුවේ අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් වෛරසයට එරෙහි ‘molnupiravir’ ඖෂධයට තාක්ෂණික කමිටුවේ අනුමැතිය



කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති මොල්නුපිරවීර් (molnupiravir) නැමති ඖෂධ කරල සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

ම(ර්)ක් සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවීර් නැමති ඖෂධ කරල ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ඇති හැකියාව විමසමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගියදා කොවිඩ් – 19 තාක්‍ෂණික කමිටුව වෙත ලිපියක් යොමු කර තිබුණි.

එයට ප්‍රතිචාර දක්වමින් කොවිඩ් – 19 තාක්‍ෂණික කමිටුව මොල්නුපිරවීර් මෙරට භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

කොවිඩ් සඳහා ප්‍රතිකාර කිරීමට නිර්මාණය කරන ලද පළමු පෙත්ත මෙයවන අතර එය ප්‍රථම වරට අනුමත කරන ලද්දේ එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයින් විසිනි.මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතී. නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවය.

මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීමය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, මෑතකදී එරට රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් අවදානමට ලක්විය හැකි රෝගීන්ට මෙම මොල්නුපිරවීර් ඖෂධ කරල දිනකට දෙවරක් ලබා දෙනු ඇති බවය.