தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
කොවිඩ් වෛරසය තවමත් සමාජ සම්ප්‍රේෂණයක් දක්වා ගොස් නැහැ - නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් වෛරසය තවමත් සමාජ සම්ප්‍රේෂණයක් දක්වා ගොස් නැහැ – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්



කොවිඩ් වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් දක්වා ගොස් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසා තිබේ.

The The Morning පුවත්පතට ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේදී වෛරසය සමාජගත වී ඇත්ද යන්නෙන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, වෛරසය සමාජයේ පවතින නමුත් මේ දක්වා සමාජගත වෛරස් පොකුරු සම්ප්‍රේෂනයකට ගොස් නොමැති බවයි. තවදුටත් පැහැදිලි කරමින් ඔහු පවසා ඇත්තේ වෛරස ආසාදනය සමාජගත සම්ප්‍රේෂනයකට අත් වී නම් මේ වන විට අපට සම්බන්ධතා සොයා ගැනීමට අපහසු වන තරමට සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබීමට සිදු වන බවයි. නමුත් මේ දක්වා එවැන්නක් සිදු නොවී ඇති බවයි ඔහු වැඩිදුර සඳහන් කර තිබේ.

ප්‍රජා ව්‍යාප්තියක දී අප හට සියල්ල නතර කර සියල්ලෝම පාහේ රෝහල් වෙත ගෙන ඒමට සැලැස්වීමට සිදු වන අතර මේ දක්වා එවැනි දෙයක් සිදු නොවී ඇති අතර සෞඛ්‍ය අංශ වෙතින් තවදුරටත් ප්‍රජා මට්ටමින් වාර්තා වන සිද්ධීන් අධීක්ෂනය කරමින් සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

මේ වන විට රජය විසින් වෛරස ව්‍යාප්තියේ පාලනයට රජය විසින් යම් කිසි ක්‍රමවේදයකට අනුව සංචරණ සීමා රටපුරා පනවා ඇති නමුත් එහි ප්‍රතිඵළ තවමත් අප විසින් අත්දැක නොමැති බව වෛද්‍ය හේමන්ත හේරත් පවසා තිබේ.

මේ වන විට වෛරස ව්‍යාප්තියේ පහත වැටීමේ ආරම්භක අවධීයක සිටින බවත් මෙම සංචරණ සීමාවන්හි සැබෑ ප්‍රතිඵළ අත් දකින්න නම් අවම තවත් සති දෙකක් හෝ ගතවනු ඇති බවයි ඔහු පවසයි.

මේ අතර එන්නත්කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ එහි දි දෙවන මාත්‍රාව සාමාන්‍යයෙන් එන්නත්කරණ ක්‍රියාවලියක දී සිදුවන කර්තව්‍යයක් වන අතර කොරෝනා මර්දනයේදී එය ඉතා වැදගත් බවයි.

තවදුරටත් එහි දි අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් පවසා ඇත්තේ එන්නත මිශ්‍ර කිරීම හා ගැලපීම ලංකාව තවමත් පිළිගෙන නැති අතර ඇතැම් අධ්‍යයන වලින් ඔප්පු වී ඇත්තේ එන්නත මිශ්‍ර කිරීම හා ගැලපීම සාර්ථකව කළ හැකි නමුත් රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් එවැනි මිශ්‍ර හා ගැලපුම් ක්‍රමෝපායන් සඳහා උපදෙස් ලබා දීම හෝ ආරම්භ කර නොමැති බවයි.