தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කොවිඩ් 19 ආසාදන අවදානම දිගටම ! - වසංගත රෝග විද්‍යා අංශය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් 19 ආසාදන අවදානම දිගටම ! – වසංගත රෝග විද්‍යා අංශය



ලංකාවේදී ජන සමාජයෙන් කිසිදු කොවිඩ් රෝගියකු වාර්තා නොවී තිබියදී පවා කොරෝනා වසංගත අවදානම තවමත් පවතින බව වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පවසයි.
වසංගත රෝග විද්‍යා අංශය වෙනුවෙන් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසන්නේ මේ වනවිට හඳුනාගනු ලබන්නේ විදේශ රටවල සිට පැමිණෙනවුන්ගෙන් පමණක් වුවද සමාජයේ සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් දිගටම පවත්වා ගැනීම අවශ්‍ය බවය. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමරවීර මෙසේ පැවසීය.
“මේ වනවිට හඳුනාගනු ලබන්නේ විදෙස් රටවල සිට පැමිණි කොවිඩ්-19 රෝගීන් තමයි, වෛරසය ආසාදිතයන් පුද්ගලයන් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්, ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් සමහරු ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයන් හමුවිය හැකියි. ඉන්දියාවේ වසංගතය තවමත් බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක තත්වය තවමත් දැක්කේ නැහැ. ඒ් නිසා මේ පසුබිම තුළ තවමත් ඒ් අවදානම ඒන්න තියෙන ඉඩ වැළැක්වීමට අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුයි.”