தமிழ்
English
Contact
Sunday 31st May 2020    
කොවිඩ් - 19 : ජීවත්වන්නන් ප්‍රචණ්ඩත්වය කරා - ම්ලේච්ඡත්වය මානුෂික මුහුණුවරකින් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොවිඩ් – 19 : ජීවත්වන්නන් ප්‍රචණ්ඩත්වය කරා – ම්ලේච්ඡත්වය මානුෂික මුහුණුවරකින් !



මේ වනවිට උත්සන්න වී ඇති Covid 19 වසංගත තත්වය හේතුවෙන් ලෝකය මුහුණ දෙන අර්බුදකාරී සමාජ දේශපාලන වටපිටාව විග්‍රහ කරමින් සුප්‍රකට වාමාංශික දේශපාලන විශ්ලේශකයකුවන ස්ලැවෝයි ජිජැක් විසින් ලියන ලද ලිපි කිහිපයක් ‘ලංකාවීව්ස්‘ වෙබ් අඩවිය විසින් පරිවර්තනය කර පළ කරන ලදී. මෙවර අප පළ කරන්නේ ජිජැක් විසින්ම රචිත, “Biggest threat Covid-19 epidemic poses is not our regression to survivalist violence, but BARBARISM with human face” නමැති ලිපියයි. මාර්තු 19 වැනිදා www.rt.com වෙබ් අඩවියේ පළ කළඑම ලිපිය පරිවර්තනය කළේ මුදිත අසංග හේවගේ විසිනි.

(උපුටා පළ කිරීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

වියනොහැකියාව(impossible) සිදුවෙමින් පවතී. අප දන්නා ලෝකය තම සුපුරුදු ගමන නවතා ඇත. එහෙත් මෙම කොරෝනා වසංගතය අහවර වූ වහාම ලෝක පිලිවෙලෙහි වෙනස්වීමක් වනු ඇත. එසේනම් එය පොහොසතුන් සදහා වූ සමාජවාදයක්ද? නොඑසේනම් එය ව්‍යසනකාරී ධනවාදයක්(disaster capitalism) ද? නැත්නම් සම්පූර්ණයෙන් අලුත් යමක්ද?

අවම වශයෙන් මේ බෙලහීනකාරී අවිනිශ්චිතතාවෙන් නිදහස්වීමට, මේදිනවල සිදුවන අයුරින් මා ද වෛරස් ආසාදිතයෙක් වන්නේ නම් කදිමය. මාගේ කාංසාව කෙතරම් වැඩිවී ඇතිද යන්න, එය මාගේ නින්දට කරන බලාපෑමෙන්ම පැහැදිලි වේ. දැනට සතියකට පමණ පෙර සවස් වනතෙක් මා ආශාවෙන් බලා සිටියේ නිදි සුව විදීමටත් එමගින් එදිනෙදා කම්පනයන් අමතක කිරීමටත්ය. දැන් තත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. නපුරු සිහිනයන් මා අසල හොල්මන් කරනවා පමණක් නොව මා බියකරු ලෙස නින්දෙන් අවදීකිරීමටද පටන්ගෙන ඇත. එහෙයින නිදා ගැනීමට මම මහත් බියක් දක්වමී. ඒ යථාර්ථය විචිත්‍රණය කරන්නා වූ නපුරු සිහිනයන් මා එනතෙක් මග බලා සිටින බැවිනි.

යථාර්ථය යනු කුමක්ද? ඇලෙන්කා සුපැන්සිස්(Alenka Zupancic) මෙය හොදින් සූත්‍රගත කොට ඇත. ඇගේ සිතුවිලි සාරංශගත කරන්න මට ඉඩදෙන්න. විශාල වශයෙන් පැතිරෙන මෙම වසංගතයේ විපාකයන් මැඩලීම ඇත්තෙන්ම අපිට අවශ්‍ය නම්, මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙන රැඩිකල් සමාජ වෙනස්කම් කිරීමට කිසිසේත්ම අප පසුබට නොවිය යුතුය (මමද මේ මන්ත්‍රය ජප කරන්නන්ගෙන් කෙනෙකී). නමුත් මෙම රැඩිකල් වෙනස දැනටමත් සිදුවෙමින් පවතී.

කොරෝනා වසංගතය වියනොහැකියාව (impossible) අපට මුණ ගස්සවයී. මෙවැනි දෙයක් දිනපතා ජීවිතේ සිදුවනු ඇතැයි අප සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එනම් අප දන්නා ලෝකය තම සුපුරුදු ගමන නවතා ඇත. තවත් බොහෝ රටවල් සිරගත කොට (Lock-down) ඇත. අප බොහෝදෙනෙකුගේ ජීවිතය බිත්ති හතරකට කොටු කොට ඇත(මෙහි ආරක්ෂිත පුර්වෝපායන් සපුරා ගැනීමට නොහැකිවීම වෙනම කාරණයකී). අවසානයේදී අනාගත අවිනිශ්චිතතාවක දොරගුලු අපට විවර කොට දී ඇත. මේ අවිනිශ්චිත අනාගතය(uncertain future) තුල අප බොහෝමයක් මැරී නොමැරී ජීවත්ව සිටියද, එය නුදුරේදීම මුහුණ දීමට සිදුවන මෙගා ආර්ථික අවපාතයකට අපව කැටිව යනු නොඅනුමානය.

පවත්නා ලෝක පිලිවෙලෙහි එකකට එකක් වූ සම්බන්දයන් ජාලයේ පෙනෙන්නට තිබෙන වියනොහැකියාව කෙරෙහි අප ප්‍රතික්‍රියා දැක්විය යුතුබව, මින් අරුත් ගන්වයී.

වියනොහැකියාව සැබැවින්ම සිදුවෙමින් පවතී. අපේ ලෝකය නැවතී ඇත. දැන් වියනොහැකියාව වියහැකියාවක් කිරීමෙන් නපුර පැරදවීමට අපට බලකෙරී ඇත. නමුත් මෙම වියනොහැකියාව(impossible) යනු කුමක්ද?

මිලේච්ඡත්වය ඇතිවීමෙන් වන පිරිහීම, මහජන වියවුල් තුලින් බිහිසුණු ප්‍රචණ්ඩත්වයන් පැන නැගීම, නඩුහබ වලින් තොර බියජනක දඩුවම් ….. යනාදීය ( සෞඛ්‍ය ඇතුලූ අනිකුත් මහජන සේවාවන්ගේ හදිසී බිදවැටීම් වලින්ම උපන් ) මා දැඩී අවදානම් ලෙස නොදකිමී. මිලේච්ඡත්වයට ගමන් කිරීමට වඩා මා බියවනූයේ මානුෂික මුහුණුවරක් ආරෝපණය කරගත් මිලේච්ඡත්වයටයී. එනම් පසුතැවීම් සහා සානුකම්පිතබව තිබෙන්නේ වුවද, නොනැසී ජීවත්වීම සදහා අනුකම්පා විරහිත ලෙස ඇතැම් ක්‍රියාකාරකම් බලහත්කාරයෙන් කරනු ලබන අතර එසේ කිරීම විශේෂඥයින් තම මතවාදයන් මගින් සුජාත කරවයී.

උචිතෝන්නතිය ( Survival of the Fittest )
————————————————————–

බලය හොබවන්නන් අප ආමන්ත්‍රණය කරන සුපුරුදු ස්වරයේ වෙනස්වීම, දක්ෂ නිරීක්ෂකයෙකුට පහසුවෙන් ග්‍රහණය කොට ගත හැකිය. සංසුන්බව සහ විශ්වාසනීයත්වය මත පිහිටා සිටිමට ඔවුහු හුදෙක් උත්සහා නොකරතී : ඔවුහු නිරන්තරයෙන් කියා සිටින්නේ දරුණු පුරෝකතනයන්ය. ඒවා නම්, මෙම වසංගතය ස්වකීය ගමන සදහා වසර දෙකක් පමණ ගතවිය හැක, අවසානයේදී මෙම වෛරසය මිලියන ගණනකට මරුකැඳවමින් ලෝක ජනගහණයෙන් 60% – 70% ට ආසාදනය වන්නේය.

කෙටියෙන් කිවහොත්, ඔවුන්ගේ සැබෑ පණිවිඩය වනාහී අපගේ සමාජ අචාර්ධර්මවල ‘මූලික ප්‍රතිඥාව’ අහවර කිරීමට සිදුවනවා යන්නයී : වැඩිහිටියන්ට සහ දුර්වලයන්ට සැලකීම, එනම් ඉතාලිය තුල දැනටමත් යෝජනා වී තිබෙන්නේ, වෛරස් වසංගතය බරපතල ඛෙදවාචයක් වන්නේ නම් අවුරුදු 80 ට වැඩී රෝගීන්ව හෝ බරපතල රෝගාබාධවලට ලක්වූවන්ව මරණයට ඉඩහැර බලා සිටිමුය යන්නයී.

යමෙකු මතක තබාගත යුත්තේ, “උචිතෝන්නතිය” පිලිබද මෙම තර්කනය බාරගන්නා ආකාරයෙන්ම ඔහු හෝ ඇය මිලිටරි ආචාරධර්මයන්ගේ මූලික සිද්ධාන්තය පවා උල්ලංඝණය කරනු ලබන බවයී. සංග්‍රාමයකට පසුව මාරාන්තික තුවාල ලැබූ සොල්දාදුවෙකුගේ ජීවත්වීමේ අවස්තාව අවමවුවද, ඔහු කෙරෙහි වැඩි සැලකිල්ලක් අනිකා දැක්විය යුතුය යන්නයී (කෙසේවෙතත් සමීපව බලන කල මින් අප පුදුමයට පත නොවිය යුතුය. මන්දයත් ආරෝග්‍යශාලාවන් දැනටමත් පිළිකා රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේද මෙම පිළිවෙතයි )

වැරදී වටහා ගැනීම මගහැර යාමට නම් මම මෙහිදි දැඩි යථාර්ථවාදියෙකු වෙමි. එනම් යමෙකු ප්‍රතිකර්මයන් සැලසුම් කල යුතු වන්නේ, අනවශ්‍ය වදවේදනාවෙන් තොර නිදහස් මරණයක් අත්පත් කොට ගැනීමටය : එනමුත් අප මුල් ප්‍රමුඛතාව විය යුත්තේ වියහියදම් අවම කිරීම පමණක් නොව, ජීවත්වීමට හැකිවනු පිණිස උපකාර අවශ්‍ය අයවලුන්ට පිරිවැය නොතකමින් කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමත්ය.

සමාජය නම් සංඥාවේ අඛණ්ඩ අර්බුදය පෙන්වන්නාවූ ඉතාලියානු දාර්ශනික ජියෝජියෝ අගම්බෙන් (Giorgio Agamben) සමග මා මාගේ ගෞරවාන්විත නොඑකගතාව පළ කරමි. “අප සමාජය හිස් ජීවිතය හැර තවදුරට කිසිත් විශ්වාස නොකරයී. රෝගීවීමේ ප්‍රායෝගීක අවදානමකට මෙන්ම සියල්ල කැපකිරීමටද ඉතාලියානුවන් නැඹුරු වී ඇති සෙයකී – එනම් සාමාන්‍ය ජීවන තත්වයන්, සමාජ සම්බන්ධතා, කාර්‍යය කටයුතු මෙන්ම මිත්‍රත්වයන්, ස්නේහයන්, ආගමික සහ දේශපාලනික අවබෝධයන් පවා – තම පැවැත්ම ද අහිමිවීමේ මුවවිට තබා ඇති මෙම හිස් ජීවීතය, මිනිසුන් එකට එක්කාසු නොකරනවා පමණක් නොව ඔවුන් අන්ධ කොට හුදකලා කිරීමද කරනු ලබයි

දේවල් විවිධ අරුත් ගනී : බාගදා මා වෛරස් වාහකයෙකු විය හැකි නිසා අන්‍යයන්ට පෙන්වන ගෞරවයක් වශයෙන් ශාරීරික දුරස්ථභාවයක් පවත්වා ගැනීමද, අප අපවම එකට එක්කසූවීමක් විය නොහැකි ද? මාහට වෛරස් ආසාදනය වේ යැයි බියෙන් මගේම පුතුන් මා මග හරිමින් සිටී. (මන්ද වෛරස් ආසාදනය මා හට මාරාන්තික විය හැකි බැවිනි)

පුද්ගල වගකීම (personal responsibility)
————————————————————–

මේ දිනවල අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ අප සැවොම පුද්ගලිකව වගකිවයුතු අතර නව නීතිරීති වලටද අපට අනුගත වීමට සිදුවන බවයී. තමන් මෙන්ම අනිකුන්ද අවදානමට ඇද දමන වැරදි හැසිරීම් සහිත මිනිසුන් පිලිබද කතාන්දරවලින් ජනමාධ්‍ය පිරී ඇත (මිනිසෙකු සාප්පුවකට ඇතුලු වී කහින්නට පටන් ගැනීම…… යනාදී). පාරිසරය සුරැකීම පිළිබඳ පුද්ගලයාගේ වගකීම යළි යළි අවධාරණය කරන ජනමාධ්‍ය හැසිරීම (ඔබ භාවිතා කළ පුවත්පත් සියල්ල ප්‍රතිචක්‍රිකරණය කළාද?), මෙහි වරනැගෙන ප්‍රශ්නය හා එකිනෙකට සමපාත නොවන්නේද ?

අවශ්‍ය ලෙසම තනි තනි පුද්ගලයාගේ වගකීම කෙරෙහි නාභීගත වීම මේ මොහොතේ දෘෂ්ටිවාදය (ideology) ක්‍රියාත්මකවන විධියයී. එම දෘෂ්ටිවාදය මගින්, අපගේ සමස්ත ආර්ථික සහ සමාජ ක්‍රමය වෙනස් කරන්නේ කෙසේද යන ඇත්ත ප්‍රශ්නය සගවාලයී. මෙම දෘෂ්ටිවාදී මිථ්‍යාකරණයට එරෙහි අරගලයද, පරිසරය සුරැකීමේ අරගලය හා එකට ගෙන, අප සියල්ලෝම එකට එකතු වී කරන සටනකින් විනා, කොරෝනා වෛරසය පරාජය කිරීමට අන් මගක් නැත. ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ (UCL) සභාපතිනී කේට් ජෝන්ස් (Kate Jones) ට අනුව සතුන්ගෙන් මිනිසුන්ට මෙම රෝගය සම්ප්‍රේෂණය වීම යනු “මානව ආර්ථික සංවර්ධනයේ සැගවුනු පිරිවැයකs’ (Hidden Cost of Human Eonomic Development)”

“දැනටමත් අප සදහාම වු විශබීජයන් විශාල ප්‍රමාණයක් සෑම පරිසරයකම පාහේ ඇත. අපි වැඩි වශයෙන් සුරක්ෂිත ප්‍රදේශයන් කරා යමින් බොහෝමයක් වෛරසයන්ට නිරාවරණය වෙමින් ඔවුන්ට පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකි වාසභූමී තනමින් පවතී. ඉන් අනතුරුව අප වික්ෂිප්ත වන්නේ ආගන්තුක වෛරසයක ආගමනයෙනී” ජෝන්ස් පවසයී.

මිනිසුන්ගේ පමණක් ගෝලීය සෞඛ්‍යරක්ෂණය සදහා එකට එකතුවීම කිසිසේත් ප්‍රමාණවත් නැත. ඊට ස්වභාවධර්මයද ඇතුලත් කොට ගත යුතුය. එනම් අර්තාපල්, තිරිඟු සහ ඔලිව් යන ප්‍රධාන අහාර ප්‍රභවයන් සදහා වෛරස් ප්‍රහාරයන්ද සලකා බැලිය යුතුය යන්නයී. අප ජීවත්වන ලෝකයේ ගෝලීය පිංතුරය නිතරම හිස දරා ගැනීමට අපට සිදුවන්නේ , එහි සියලු විරුද්ධාභාසී ඇගයීම්ද සමගිනි.

නිදසුනක් ලෙස, චීනයේ සිර අඩස්සිගත (lock-down) කිරීමෙන් වන වාසියක් වන්නේ , ඉන් කොරෝනා වෛරසයෙන් මියදෙන ප්‍රමාණයට වඩා බොහෝ ප්‍රමාණයක් එම වෛරසයෙන් බේරා ගැනීමට හැකිවන නිසාය.(මියැදෙන්නන්ගේ නිල සංඛ්‍යාලේඛණ පරිශීලනය කරන්න)

පාරිසරික සම්පත් පිළිබඳ ආර්ථික විද්‍යාඥයෙකු වන මාර්ෂල් බර්ක් (Marshall Burke) පවසන පරිදී, අපිරිසිදු වාතය ආශ්වාස කිරීම සහ අකල් මරණයන් අතර ඔප්පු කල හැකි සම්බන්ධයක් පවතී. මේ අනුව යමින් මාර්ෂල් බර්ක් පැවසූ පරිදීම, පුදුමය දනවනවා වුවද, අප ඇසිය යුතු පැනය වන්නේ, කොවිඩ් – 19 නිසාම සිදුවන ආර්ථික කඩාවැටීම හේතුවෙන් පරිසර දූෂණය අවමවීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩිවන දිවිගලවාගන්නන්ගේ ප්‍රමාණය, මෙම වෛරසයෙන් මියයන ප්‍රමාණයට වඩා බොහෝ වැඩිබව නොවෙද?

අන්තගාමී නොවන උපකල්පනයන් යටතේ පවා, මම සිතන්නේ පිළිතුර පැහැදිලිවම “ඔව්” ය යන්නය. බූක් පවසන පරිදි, පරිසර දූෂන මට්ටම මාස දෙකක් ඇතුළත අවම මට්ටමක පැවතියහොත්, චීනය තුළ පමණක් වයස අවුරුදු 5ට අඩු දරුවන් 4000 කගේද, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 73,000 කගේද, ජීවිත බේරා ගැනීමට හැකිවන බවයී.

වෛද්‍ය, ආර්ථික, මානසික යන අර්බුදයන් ත්‍රිත්වය (Triple Crisis)
—————————————————————————————————

අර්බුදයන් ත්‍රිත්වයකට අප ගොදුරු වී ඇත : වෛද්‍ය(මෙම වසංගතය නිසාම ඇති වු), ආර්ථික (මෙම වසංගතය පැන නැගීමෙන් අනතුරුව අප දැඩිව පීඩාවට ලක්කරවන්න) සහ මානසික සෞඛ්‍ය (කිසිදු අවතක්සේරුවකින් තොරවම) – මිලියන ගණනින් වු මුලික මිනිස් ගොනුවිම හුදකලා කොට ඇත. ශාරිරික සුඛවිහරණයෙන් විවේක සුවය විදිමේ චාරිකාවේ සිට, සියල්ල උඩුයටිකුරු කිරීමට මෙම වෙනස සමත් වී ඇත. කොටස් වෙළඳපොල සහ එහි ලාභය යන රාමුවෙන් පිටතට පැමිණ සිතීමට අප උගත යුතුය. එමෙන්ම අත්‍යාවශ්‍ය සම්පත් මොනවාද යන්නත් ඒවා නිෂ්පාදනය කිරීමට අප සරලව ප්‍රවිශ්ට වී විකල්ප මගක් සෙවිය යුතුය. අප සරලව මෙසේ කියමු, මුඛ ආවරණ ඉල්ලා සිටින විට, සමාගම් සමග කිසිදු කේවල් කිරීමකින් තොරව වැඩි ලාභයක් ලබා ගැනීමට උක්ත සමාගම් රදවා තබාගෙන සිටින මිලියන ගණනක වූ මුඛ ආවරණ ලබා ගැනීමට තරම් ඥානාන්විත බලාධිකරයක් වන්න.

මාධ්‍ය විසින් වාර්තාකරන අන්දමට ට්‍රම්ප්, ‘curevac’ නම් ජීව ඖෂධ සමාගමට ඇමරීකා ඩොලර් බිලියනයක් ලබාදී ඇත්තේ, “ඇමරීකා එක්සත් ජනපදය පමණක්” සුරක්ෂිත කිරීමේ එන්නතක් නිපදවීමටය. ජර්මන් සෞඛ්‍ය ඇමති ජෙන්ස් ස්පෑන් (Jens Spahn) කියා සිටින්නේ Curevac සමාගම ට්‍රම්ප්ගේ උපදෙස් භාර ගැනීම අචාරධාර්මික නොවන බවයි. Curevac සමාගම නිපදවනවා නම් නිපදවන එන්නත ‘හුදූ තනි රටක් සදහා නොව මුලු ලෝකයම සදහා විය යුතුය යන්නය”. ම්ලේච්ඡත්වය සහ ශිෂ්ටත්වය අතර අරගලය සදහා මේ තරම් කදිම උදාහරණයක් කොහිද ? එමෙන්ම මේ ආකාරයෙන්ම, හදිසි වෛද්‍ය සැපයුම් කඩිමුඩියේ නිපදවන, පෞද්ගලික අංශයේ විශ්වාසනීයත්වය , රජයට තහවුරු කරවා ගැනීම සදහා ‘ආරක්ෂක නිෂ්පාදන පනත’, යළි පණ ගැන්වීමට ට්‍රම්ප්ට සිදු විය.

මෙම සතිය මුලදීම, පෞද්ගලික අංශයට භාර ගැනීම සදහා යෝජනාවලියක් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන ලදී. ඔහු තවදුරටත් කියා සිටියේ, රජයට අත්වැලක් වෙමින් , මෙම වසංගතය පැරදවීමට, පෞද්ගලික අංශය එක පෙලට සිටගත යුතු බවත් ඒ සදහා ඉක්මනින් සාමුහික ප්‍රතිපාදනයකට (federal provision) අරාධනා කරන බවත්ය. ” අවශ්‍ය නම් භවිතා කිරීමට (in case we need it)” , සෘජු ගෘහස්ත කාර්මික නිෂ්පාදන සදහා සියලු පහසුකම් සැපයීමේ පනතකට තමන්ම අත්සන් කරන බව පැවසීමට ද ඔහු අමතක නොකලේය.

සති කිහිපයකට කලින්, කොමියුනිස්ට්වාදය (communism) යන වචනය යොදා ගැනීම නිසා, සමච්චලයට ලක් වූ මා හට , ‘පෞද්ගලික අංශයට භාර ගැනීම සදහා යෝජනාවලියක් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම’ සම්බන්ධව ප්‍රකාශ කිරීමට යමක් තිබේද ? මෙවැන්නක් දැනට සතියකට පමණ පෙර යමෙකුට සිතා ගැනීමටවත් හැකිද ?

මෙය පටන් ගැනීමක් පමණී. මෙවැනී බොහෝමයක් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත. රජය අතදරා සිටින සෞඛ්‍ය පද්ධතිය දැඩි ආතතියක් යටතේ ගමන් කරන්නේ නම්, ඒ ඒ ප්‍රජාවන්ගේ ප්‍රාදේශීය සංවිධාන අවශ්‍යම වනු ඇත. හුදකලාවීමත්, නොනැසී ජීවත්වීමත් කොහෙත්ම ප්‍රමාණවත් නැත – අවම වශයෙන් අප කිහිපදෙනෙකුටවත්, මූලික මහජන සේවාවන් ක්‍රියාත්මක කිරීමට සිදු වේ. එනම් විදුලිය , ආහාර සහ ඖෂධ බෙදාහැරීම… යනාදිය (සුව වූ සහ සැලකිය යුතු කාලයක් සදහා ප්‍රතිශක්තිය ඇතිකරගත් අයවලුන්ගේ ලැයිස්තුවක් අපට ඉක්මනින් අවශ්‍ය වේවී, ඉනික්බිතිව ඔවුන් හදිසි මහජන ක්‍රියාවන් සදහා යෙදවිය හැකිවනු ඇත )

මෙය කොමියුනිස්ට්වාදී යුතෝපියානු දැක්මක් නොවේ. මෙය හුදු පැවත්ම පමණක්ම සදහා අත්‍යාවශ්‍යතාවන් ගණනාවකගේ තෙරපුමෙන් කරන්නට නියම වූ කොමියුනිස්ට්වාදයකී. අවාසනාවන්ත ලෙස, 1918 දී සෝවියට් සංගමය, ” යුධ කොමියුනිස්ට්වාදය (war communism) ලෙස හැඳින්වූ දෙයහිම අනුපිටපතකී මෙය.

කියන්නා කෙසේ කීවත්, අර්බුදයකදී අපි සැවොම සමාජවාදීන් වන්නෙමු – ට්‍රම්ප් පරිපාලනය පවා විශ්වීය මූලික ආදායමක් (universal basic income) සලකා බලමින් පවතී – එනම් සෑම වැඩිහිටියෙකුටම ඇමරිකන් ඩොලර් 1000 චෙක්පතක් ලබාදීම වැනී. වෙළඳ රීතී සියල්ලම උල්ලංඝණය කරමින් ට්‍රිලියන ගණනින් මුදල් වැයකොට තිබෙන්නේ කෙසේද ? කොහේදී ද ? කාසදහාද? පොහොසතුන් සමාජවාදී වීමට තරම් මින් සමාජවාදය බලාත්මක කරාවිද ? (සාමාන්‍ය මිනිසුන්ගේ කුඩා තැන්පතුවල මිලියන ගණනක කාබාසිනියා වුවද, වර්ෂ 2008 දී බැංකු, ඇප මුදල් ලබාගත් ආකාරය සිහිකර ගන්න)

අවසන් වශයෙන් , මෙම වසංගතය, කැනේඩියානු ලේඛිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක වන නයෝමි ක්ලෙයින් (Naomi Klein ) ව්‍යසනකාරී ධනවාදය (Disaster Capitalism) ලෙසින් හැදින්වූ දීර්ඝ වූත් ඛේදජනකවුත් කතාන්දරයක තවත් පරිච්ඡේදයකින් කෙලවරවනු ඇත් ද ? නොඑසේනම් ඉන් වඩාත් නවීන, වඩාත් සංතුලිත ලෝක ක්‍රමයක් මතුවේද යන්න අනාගතයට භාර කරමු.