தமிழ்
English
Contact
Thursday 5th December 2019    
කොළඹ කසළ බැහැර කිරීම යළිත් පිළිතුරු නොමැති ප්‍රශ්නයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ කසළ බැහැර කිරීම යළිත් පිළිතුරු නොමැති ප්‍රශ්නයක්!



කෙරවලපිටිය අංගනයට කොළම නාගරික කලාපයේ කසළ භාරගැනීම අත්හිටුවීම හේතුවෙන්  කොළඹ නගර සීමාව තුළ මාර්ග දෙපස කසළ විශාල ලෙස ගොඩගැසී තිබේ.

වරෙක බ්ලුමැන්ඩල් නාගරික මහජන ක්‍රිඩාංගනයක කසළ එකතු කරමින්දුරදිග නොබලා් කටයුතු කළ පාලකයන් ඉන්පසුව මීතොටමුල් කසළ කන්ද නිර්මාණයකර මිනිස් ජීවිත 32ක් බිලිගෙන සියගණනකගේ ජීවි.ත අදුරට ඇද දැමීය. මේ වනවිටතක් කසළ බැහැර නොකිරීම හේතුවෙන් ඇති වූ දැඩි දුර්ගන්ධය නිසා කොළඹ නගරයේ ජනතාව පීඩාවට පත්ව සිටියි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන්නේ මෙම තත්වය විසඳීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. කොළඹ එක්රැස්වන කැලිකසළ කෙරවලපිටිය ස්ථානයකට බැහැරකිරීම, මීතොටමුල් කසළ කන්ද කඩාවැටීමෙන් පසුව 2017 වසරේ සිට ක්‍රියාත්මක කළ අතර එහි කසළ ධාරිතාව උපරිම තලයට පැමිණ ඇති නිසා එය ඉකුත් සඳුදා සිට අත්හිටුවීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කළේය. කසළ ඉවත්කිරීමේ නිරත නගරසභා සේවකයන් පවසන්නේ කසළ බැහැරකරන නිෂ්චිත ස්ථානයක් නොමැතිවීම නිසා මෙම කටයුතු ඇනහිටඇති බවයි.

මෙම කසළ බැහැරකිරීම වෙනුවට ප්‍රතිචක්‍රිකරණය කරමින් ලාභ ඉපදවිය හැකි බවට සමාගම් ගනනාවක් කරුණු ඉදිරිපත් කළද දේශපාලකයන් කසළ අංගන හරහා මිලියන ගනන් ආදායම් උපයන බැවින් ප්‍රශ්නයට විසදුම් දෙන්නට කිසිදු ප්‍රාෙයා්ගික පියවරක් ගෙන නැත. කසළ රැදවීම සඳහා ඉදිකළ කසළ අංගනයක් පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ පැවතියත් එහි කසළ බැහැරකිරීම වෙනුවෙන් වනාතවිල්ලුව නගරසභාව දිනකට රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටී.