தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
කොළඹ නැගෙනහිර ජැටිය හොර රහසේ දීලා - ජපාන හා ඉන්දියා තානාපතිවරු ගිවිසුම අත්සන් කරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ නැගෙනහිර ජැටිය හොර රහසේ දීලා – ජපාන හා ඉන්දියා තානාපතිවරු ගිවිසුම අත්සන් කරලා!



ආණ්ඩුව විසින් ඉන්දියාවට පවරන්නට සූදානම්වන බවට චෝදනා කරන ලද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මැයි 28 වැනිදා අත්සන් කළ ගිවිසුමකින් ඉන්දියාවට හා ජපානයට හවුලේ පාලනය කිරීමට පවරා දී ඇති බව අනාවරණය වේ.

මෙසේ රහසිගතව අත්සන්කර ඇති අවබෝධතා ගිවිසුම පිළිබදව අනාවරණය වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දිය මාධ්‍යවේදින්ට කළ ප්‍රකාශයක් අනුවය. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඇතැම්නු පවසන ආකාරයට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරාදී නැති බවත් ඉන්දියාව, ජපානය හා ලංකාව විසින් හවුලේ පවත්වාගෙන යන්නට අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවය. එහෙත් අනාවරණයවන ආකාරයට ඉන්දිය බලදාරින්ගබෙලකිරීම අනුව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ලංකා ආණ්ඩුවට 51%ක් සහ ඉන්දියාව හා ජපානයට ඉතිරි 49% හිමිකාරත්වය ලැබෙන ආකාරයටය. මෙම අවබෝධතා ගිවිසුම කිසිදු ප්‍රසිද්ධ කිරීමකින් තොරව අත්සන් කරන ලද්දේ ඉන්දිය රජයේ බලපෑම මත බව දැනගන්නට ඇත. මේ වනවිට කන්කසන්තුරය වරාය හා පලාලි ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ මුවාවෙන් ඉන්දියාවට පැවරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති අතර මත්තල ගුවන්තොටුපළද ඉන්දායාවට පවරන්නට කටයුතු යොදා ඇත. චීනයට ආර්තික සම්පත් පැවරීම ගැන මහින්ද රාජපක්ෂ පාලනයට විවචෙන එල්ල කළ වත්මන් පාලනයේ නායකයන් ආණ්ඩු බලය ලබාගෙන චීනයට තවදුරටත් රටෙන් අත්පත් කරගත් ආර්ථික සම්පත් පවත්වාගෙන යන්නට අවසර දී ඉන් ඔබ්බට ඉන්දියාවටත් එක්සත් ජනපදයට හා ජපානය ඇතුළු බටහිර බලයට අවනත රටවලටද සම්පත් පැවරීමේ යෙදී සිටී.

වරාය සේවක විරෝධය මැදි කොළඹ වරායේ පෞද්ගලිකකරණය අත්හිටුවන ලද නමුත් දැන් රටට විශාල ආදායම් උපදවන ජැටිවලින් ලාභ උපදවන අංශ ලෙස රජයට හිමිව ඇත්තේ ‘ජය බහලුම් පර්යන්තය’ පමණකි.