தமிழ்
English
Contact
Thursday 28th January 2021    
කොළඹ නිවෙස්වල - රෝහල්වල මියයන සියලුදෙනාටම PCR නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ නිවෙස්වල – රෝහල්වල මියයන සියලුදෙනාටම PCR නැහැ



නිවාසවලදී සහ රෝහල්වලදී මියයන සියලුමදෙනාගේ මෘතදේහ PCR පරීක්ෂණයට භාජනය නොකරන බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

රටපුරාම ඇති රෝහල්වලද එම ක්‍රමවේදයම අනුගමනය කරන බව එම වෛද්‍යවරු පවසා ඇත.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හා කොළඹ ජාතික රෝහලේදී මිය යන අයගෙන් PCR පරීක්ෂණයට භාජනය කරන්නේ කොවිඩ් ආසදිතයින්ගේ ආශ්‍රිතයින් හා හුදකලා ප්‍රදේශවල අය පමණක් බවද වෛද්‍යවරු පවසා තිබේ.

කෙසේවෙතත් ස්වාභාවිකව හා රෝගීව මියයන සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක් කළහොත් කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරනු ඇති බවද ඔවුන් පවසා ඇත.