தமிழ்
English
Contact
Thursday 28th January 2021    
කොළඹ වරායේ කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ වරායේ කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ



භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ ඇතිවී තිබෙන තදබදය විසඳීම සඳහා තවත් සතියක කාලයක් ගතවෙනු ඇතිබව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසා තිබේ. කොළඹ වරාය සේවකයන් කොවිඩ් ආසාදනයට ගොදුරුවීම මෙම ප්‍රමාදය සඳහා බලපා තිබේ.

භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 20,000 කට අධික ප්‍රමාණයක් තවමත් රඳවා තබා ඇති බව සභාපතිවරයා පවසයි. මෙම තත්වය හේතුවෙන් නව බහාලුම් වරාය තුල රඳවා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.

මිට සති කිහිපයකට පෙර වරායේ පැවති තදබදය හේතුවෙන් ඇතුවූ ප්‍රමාදය නිසා සමහර නැව් වරාය වෙත නොපැමිණීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවිය හැකි බවට මත පලවිය. වරාය සේවකයින්ගේ හිඟය හේතුවෙන් බරපතල ප්‍රමාදයක් පවතින බැවින් කෙලින්ම කොළඹට පැමිණීම වෙනුවට ගමනාන්ත වෙනතකට හරවන ලෙස අධිකාරිය විසින් සමහර යාත්‍රාවලින් ඉල්ලා තිබුණි.

මේ වනවිට කොළඹ වරායේ සේවකයින් 30ට ආසන්න පිරිසකට කොවිඩ් අසාදනය වී ඇති බව වාර්තා වේ.