Posted on 01.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව වරාය වෘත්තීය සමිති පවසයි.
ඔවුන් පවසන්නේ ඊයේ පැවති සාකච්ඡාවේදී නැගෙනහිර පර්යන්තයේ කටයුතු 51%ක් වරාය අධිකාරිය යටතේත් 49%ක් පෞද්ගලික අංශය යටතේත් පවත්වා ගැනීම රජයේ ස්ථාවරය වන බැවින් එයට ගැලපෙන පරිදි යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා පැවසූ බවයි.
නමුත් අපේ ස්ථාවරය වුණේ ඒක නෙවෙයි. එකඟතාවයකට අපට එන්න බැරිවුණා ජනාධිපතිතුමාත් එක්ක ඒ කතාවට. අපි ඉල්ලීමක් කළා ජනාධිපතිතුමාට මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ අවසන් තීන්දුවකට එන එක නවත්තාගන්නය, අර කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුවත් එක්ක අපට සාකච්ඡාවක් දෙන්නය කියලා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා පැහැදිලිවම ඒක නවත්තන්න සහ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාට උපදෙස් දුන්නා අපේ වෘත්තිය සමිති 23ත් එක්ක ඒ කැබිනට් මණ්ඩලය පත් කළ කමිටුවේ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන්න කියලා” යනුවෙනුයි වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංවිධානයේ ප්රධාන ලේකම් ශාමල් සුමනරත්න සඳහන් කර ඇත.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසා ඇත්තේ “සාකච්ඡාව අසාර්ථකයි. සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගෙ ස්ථාවරය බවට පත්වෙලා තිබුණෙ 51%ක් වරාය අධිකාරිය යටතේත් 49%ක් පෞද්ගලික අංශය යටතේත් මේ පර්යන්තය ඉදිරියට කටයුතු ගෙනයාම තමයි රජයේ ස්ථාවරය විය යුත්තේ කියන කාරණය. ඒ මත පදනම් වෙලා යෝජනා ඉදිරිපත් කරන්න කියලා තමයි එතුමාගේ පැත්තෙන් කිව්වෙ” යනුවෙනි.