தமிழ்
English
Contact
Friday 16th April 2021    
'කොළඹ වරාය නගරය' රටේ නීති කඩන තැනක් - පාලනයට වෙනම සර්වබලධාරි කොමිසමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘කොළඹ වරාය නගරය’ රටේ නීති කඩන තැනක් – පාලනයට වෙනම සර්වබලධාරි කොමිසමක්!



(TopNews) මේ වන වි වැඩ අවසන් වෙමින් පවතින කොළඹ වරාය නගරයේ පාලනය සඳහා පස් දෙනකුගෙන් යුතු බල සම්පත්න කොමිසමක් පත් කෙරෙන බව දැන ගන්නට ඇත.

මේ වනවිට ලංකාවේ භූමියට පිටතින් හෙක්ටයාර 446.6ක් වූ විශේෂ ආර්ථික කලාපයක් ලෙස එහි ඉදිරි කටයුතු සැලසුම් කෙරෙමින් පවතී. මේ ආකාරයෙන් වරාය නගරයේ ආයෝජන අවස්ථා ප්‍රකාශයට පත් කිරීම, ආයෝජකයන් ලියාපදිංචි කිරීම, විශේෂ ආර්ථික කලාපයේ ව්‍යාපාර අනුමත කිරීම පමණක් නොව, වානිජ ගැටුම් විසඳීම ආදී සියල්ල එම කොමිසමේ ආධිපත්‍යයට නතුවන බව ප්‍රකාශයට පත්ව ඇත. මෙම විශේෂ බලාධිකාරි කොමිසම කෙටි කලකින්ම ආණ්ඩුවේ ගැසට් නිවේදනයක් හරහා බලාත්මක කරනු ඇති බවද එහි සභාපතිවරයා පත් කෙරෙනු ඇත්තේ උසස් තනතුරු පත් කිරීම පිණිස 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය හිමි වූ ජනාධිපතිවරයා විසින් බවද අනාවරණය වේ.

කෙසේවෙතත් මෙම වරාය නගරයේ ආයෝජන කිරීම පිණිස මෙරට ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවන්නේ එකී විශේෂ ආර්ථික කලාපය හා එහි පාලන අධිකාරිය බලාත්මක කිරීමෙන් පසු වසරකට පසුවය. මේ අතර ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු අයිතිවාසිකම් පනත් ඇතුළු නීති ගණනාවක් වරාය නගර කලාපයේ බලාත්මක නොවනු ඇති බවද හෙළි වී ඇත.

මේ හේතුවෙන් කොළඹ වරාය නගරය යනු මෙරට නීතියට පිටස්තරව, වානිජ අභිලාෂයන් වෙනුවෙන් නීති නොසලකමින් පවත්වා ගෙන යනු ලබන ජාවාරම්කාරී ගුබ්බෑයමක් බවට පත් වීමේ ඉඩක් ප්‍රකාශයට පත්ව ඇත. මේ සම්බන්ධව බාහිර අලංකාරිකයන් හා විවිධ සැලසුම් ප්‍රකාශයට පත් වුවද වරාය නගරයේ ඇත්ත ස්වභාවය මෙරට ජනතාවගේ ජීවිතයට හෝ සමාජ ආර්ථික පැවැත්මට කිසිදු සම්බන්ධයක් නැති, ඒ වෙනුවට ධන කුවේරයන්ගේ පොර පිටියක් ලෙස සලැකිල්ලට ලක්වනු ඇත.

මේ සම්බන්ධ වඩා විස්තරාත්මක කරුණු වරාය නගරයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. එම වෙබ් අඩවිය පරිශීලිනය කිරීමෙන් විදේශ ආයෝජකයන් මෙම වරාය නගරයේ ආයෝජනයට ඇදී එනු ඇතැයි බලධාරින් කල්පනා කරන බවද පෙනී යයි.