தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
කොළඹ විශ්වවිද්‍යාල ගැටුමෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් 12 ඇප ලබයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ විශ්වවිද්‍යාල ගැටුමෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් 12 ඇප ලබයි!



පසු ගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි.

මේ අනුව සැකකාර ශිෂ්‍යයකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස එම ශිෂ්‍යයන්ට තරයේ අවවාද කළේය.

මේ සම්බන්ධ වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 24 වනදා කැඳවීමට ද නියම කළාය.