தமிழ்
English
Contact
Friday 29th May 2020    
කොළඹ විශ්ව විද්‍යාලයේ ගැටුමට මැදිවූ සිසුන් 12ක් යළි රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කොළඹ විශ්ව විද්‍යාලයේ ගැටුමට මැදිවූ සිසුන් 12ක් යළි රිමාන්ඩ්



කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහරදුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා හෙට(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(13) නියෝග කර තිබේ.

එම සිද්ධියට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පැමිණිලිකරු 11දෙනෙකු හඳුනාගෙන ඇති අතර පැමිණිලිකරුගේ වෛද්‍ය වාර්තාව නොලැබීම හේතුවෙන් සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබුණි. එය පොලිසියේදී සමථයකට පත්කර ගැනීමට සිසුන් දෙපිරිස එකඟ වී තිබුනත් විශ්ව විද්‍යාල උප කුලපතිවරයා මැදිහත්වී එය අධිකරණ ක්‍රියාමර්ගයක් දක්වා ගෙන ගොස් තිබුණි. උසස් අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන මෙය නවක වධ සිද්ධියක් බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයක් ගෙනයනු දක්නට ලැබුණි.