தமிழ்
English
Contact
Thursday 29th October 2020    
කෝට්ටේ, පොල්දූව පාලම අසළ නාදුනන මළසිරුරක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝට්ටේ, පොල්දූව පාලම අසළ නාදුනන මළසිරුරක්



පාර්ලිමේන්තු මාර්ගයේ, පොල්දුව පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (10) උදෑසන සොයා ගෙන තිබේ.

මෙය වයස අවුරුදු 50ක පමණ පිරිමි මළ සිරුරක් බව පැවසේ.

බොරැල්ල – කොට්ටාව මාර්ගයේ දියත උයන ඉදිරිපිට ඇති ‘පොල්දූව‘ පාලම යට එම පුද්ගල මළ සිරුර පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇත.

හදිසි අනතුරක්ද නැතිනම් ඝාතනය කිරීමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.