தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් සණස නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් සණස නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට



රුපියල් කෝටි 73කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සණස සමිතියේ තැම්පත්කරුවන්ගේ තැම්පත් මුදලක් මෙලෙස වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරන ලද මූල්‍ය වංචාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකර ඇති බවයි.

අදාළ විමර්ශනයෙන් පසු මෙම කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම මුදල රුපියල් 732956660 ක් වන පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.