தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
කෝටි15 ක ඇමති ගිණුම ගැන මහා බැංකු අධිපති දන්නේ නැතිලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෝටි15 ක ඇමති ගිණුම ගැන මහා බැංකු අධිපති දන්නේ නැතිලු



ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ ගිණුමට කොටි 15ක මුදලක් විදේශ රටකින් බැරවීම සහ එම ගිණුම අත්හිටුවීම සම්බන්ධයෙන් තමන් පැහැදිලි තොරතුරක් නොදන්නා බව මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඊයෙ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා තිබේ.

එසේම මූල්‍ය බුද්ධි ඒකකයේ සම්පූර්ණ ස්වාධීන බැවින් ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකටයුතු ගනුදෙනුවක්ද යන්න ගැන පරීක්ෂණ පවත්වනි ඇති බව ඔහු පවසා ඇත.

තමන් මූල්‍ය බුද්ධි ඒකකයේ සභාපතිවරයා වුවත් ඒ පිළිබඳ තමන්ටද කරුණු හෙළි නොකරන බව මහා බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ.