தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ක⁣ටුපොල් තහනම ක්‍රියාත්මක නොකීරීම ගැන පොලිස්පතිට පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ක⁣ටුපොල් තහනම ක්‍රියාත්මක නොකීරීම ගැන පොලිස්පතිට පැමිණිල්ලක්



කටුපොල් වගාව තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබියදී වතු සමාගම් එම තීරණය නොතකා හරිමින් කටයුතු කිරීමට එරෙහිව පරිසර සංවිධාන එකමුතුව අද(08) පොලිස් මුලස්ථානය වෙත ලිඛිත පැමිණිලක් ඉදිරිපත් කර තිබේ. වතු සමාගම් කටුපොල් තහනම නොතකා හරිමින් කටයුතු කරන්නේ පොලිසිය වැනි ආයතනවල සහයෝගය ලබමින් බව පරිසර සංවිධාන එකමුතුව චෝදනා කරයි. එම සංවිධානය විසින් අද දින කරන ලද පැමිණිල්ල

මෙම අවස්ථාවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය නියෝජනය කරමින් ජයන්ත විජේසිංහ, සුරකිමු පරිසරය සංවිධානයේ සභාපති තිලකරත්න විතානාච්චි යන සහෝදරවරුන්ද, පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ඇඳුරත්විල චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේද, YOUTH FOR CHEnge සංවිධානයද සම්බන්ධ විය.