தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ඛනිජ තෙල් සංස්ථාවට ආණ්ඩුව කෝටි 33,400 ක් ණයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඛනිජ තෙල් සංස්ථාවට ආණ්ඩුව කෝටි 33,400 ක් ණයයි



එක් එක් රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.

පසුගිය කාල සීමාව තුළ පත්වූ විවිධ රජයන් යටතේ ඉකුත් මාර්තු 31 වැනිදා දක්වා දෙන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් මෙම මුදල ලැබිය යුතුව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

ප්‍රවාහන , විදුලිබල සහ ධීවර යන ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන ලද ඉන්ධන වෙනුවෙන් මෙම සහනාධාර ලබාදී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.