தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ඛනිජ තෙල් සංස්ථාවට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ඩොලර් කෝටි 250ක ණයක් ගන්න යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඛනිජ තෙල් සංස්ථාවට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ඩොලර් කෝටි 250ක ණයක් ගන්න යයි



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත .

එම ණය මුදල ඇමරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්”නමැති මූල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනටි අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ .

වසර 2 ක සහන කාලයක් සහිතව ලබාගැනෙන මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 ක් වේ .

සියයට 3 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මෙම ණය මුදල කඩිනමින් ලබා ගැනෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් කෝටි 330 ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .