Posted on 08.12.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, පාලනාධිකාරිය සමඟ පවතින ගැටළුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද(12) වනවිට තෙවන දිනටත් පැවත්වී තිබේ.
මෙම රෝහලෙහි හෙද හෙදියන් 427 දෙනෙකු කටයුතු කරන අතර මේ අතුරින් සේවාමුර අනුව සේවයට වාර්තා කොට හදිසි ප්‍රතිකාර හැර සෙසු සියලුම කටයුතුවලින් ඔවුහු ඉවත්ව සිටිති.
මේ හේතුවෙන් රෝහලෙහි ශල්‍යාගාර 7හි හදිසි ශල්‍යකර්ම හැර දිනකට කෙරෙන 60 ක් 70 ක් පමණ ශල්‍යකර්ම නවතා දමමින් රෝගීන් ආපසු හරවා යැවීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තවද දෛනිකව පැවැත්වෙන සායනික ප්‍රතිකාර කටයුතුද මුළුමණින්ම නැවතී තිබේ.
වර්ජනය විසදුමක් ලබාදීම පිණිස රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සමග පැවති සාකච්ඡා සාර්ථකවී නොමැති අතර හෙට (13) බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සමග ගම්පහ රෝහලේදී හෙද හෙදියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය