Posted on 02.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇමති උදය ගම්මන්පිල විසින් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සිදුකර තිබූ ප්‍රකාශය ආණ්ඩුව ඇතුලේම පුද්ගලයන් විසින් හාස්‍යයට ලක් කරමින් සිටියි. පුවත්පත් මණ්ඩලයේ සභාපති, මහින්ද පතිරණ
”ගම්මන්පිල මහතාගේ තෙල් ටැංකි අත්පත්කර ගැනීමේ කතාව වැනි ලෝකල් ප්‍රේක්ෂකයා කුල්මත් කරන කතා දැන්වත් නොකර සිටීම ප්‍රඥාගෝචරයි.” මහින්ද පතිරණ තවදුරටත් සඳහන් කර තිබේ.
දැඩි බැසිල්වාදියෙකු ලෙස සැලකෙන ඔහුගේ මෙම ගම්මන්පිලට එරෙහි ප්‍රකාශය හරහා ආණ්ඩුව තුළ මතුව ඇති මතබේදය තවත් අයුරකින් එළියට ඒමක් ලෙස දේශපාලන මත දක්වන්නන් අර්ථකථනය කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රසිද්ධ රැස්වීමකදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බවට කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ප්‍රචාරය කර තිබුණි.
උදය ගම්මන්පිලගේ ප්‍රකාශයෙන් පසු ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගෙන තිබූ අවබෝධතාවය අවසන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
අවසානයේ උදය ගම්මන්පිල පසුගිය 20වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තමන් පවරා ගැනීමක් ගැන සඳහන් නොකල බවත් මාධ්‍ය විසින් එය පළකිරීමේදී වරදක් කර ඇති බවයි. නමුත් ඇමතිවරයා පවරා ගැනීමක් ගැන සඳහන් කරමින් කරන ලද ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතියි.