தமிழ்
English
Contact
Sunday 28th February 2021    
ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තිබෙන චීන භාෂා පුවරුව ගැන විමර්ශනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තිබෙන චීන භාෂා පුවරුව ගැන විමර්ශනයක්



ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තබා ඇති දැන්වීම් පුවරුවක චීන (මැන්ඩරින්) භාෂාව සටහන්වීම පිළිබඳව රාජ්‍ය භාෂා කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙන අදාළ විමර්ශනය ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ එම දැන්වීම් පුවරුවේ චීන භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විස්තර සඳහන් විය. එහි එම භාෂාවලින් දක්වා තිබුණේ දුර ගමන් සේවා දුම්රිය කාල සටහනකි.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙලෙස දැන්වීම් පුවරුවක චීන භාෂාව සටහන්වීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ. වෙනත් රටක භාෂාවක් භාවිත කරමින් රාජ්‍ය ආයතන දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර නාමපුවරු ප්‍රදර්ශනය කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවන් වන සිංහල හෝ දෙමළ භාෂාවෙන්ගෙන් හෝ විකල්ප භාෂාවක් වන ඉංග්‍රිසි භාෂාවෙන් පමණි.