தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ග්‍රේෂන් සම්මාන මිරැන්ඩාට සහ මාලින්දට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ග්‍රේෂන් සම්මාන මිරැන්ඩාට සහ මාලින්දට!



මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියු ‘සෙංකොට්ටං’ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය Indeliable කෘතිය වෙනුවෙන් මාලින්ද සෙනෙවිරත්න ඒච්.ඒ.අයි. ගුණතිලක – ග්‍රේෂන් සම්මානය දිනා ගනී.

එසේම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතියට හිමි ග්‍රේෂන් සම්මානය කර්මෙල් මිරැන්ඩා විසින් ලියු Crossmatch කෘතියට හිමිකරගෙන ඇත.

ලාංකික ඉංග්‍රිසි සාහිත්‍ය සඳහා ග්‍රේෂන් සම්මාන පිරිනමන ‘ග්‍රේෂන් භාරය’ 1992 දී ආරම්භ කරන ලද්දේ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් ලාංකික සම්භවයක් ඇති නවකතාකරුවකු, කවියෙකු වන මයිකල් ඔන්ඩච්චි විසිනි. ඔහු ලියූ The English Patient(ඉංග්‍රීසි රෝගියා) නවකතාව සඳහා බුකර් සම්මාන ලබා ඊට හිමි වූ ත්‍යාග මුදලින් අරමුදලක් ලෙස එය පිහිටුවන ලදී. ඉංග්‍රීසි බසින් නිර්මාණාත්මක සාහිත්‍යයේ නියැලෙන ලාංකිකයන්ගේ කුසලතා හඳුනාගෙන ප්‍රවර්ධනය කරන මෙම සම්මාන ප්‍රදානය 1993 සිට අඛණ්ව සිදු වේ.