தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
'ගාඩි' චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ සංස්කෘතික විවිධත්ව සම්මානය දිනයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ගාඩි’ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ සංස්කෘතික විවිධත්ව සම්මානය දිනයි!



ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ගාඩි” සිනමා නිර්මාණයට 14 වැනි Asia Pacific Screen Awards (APSA) හි සංස්කෘතික විවිධත්ව අංශයේ සම්මානය ලබාදී තිබේ.

ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක් අතරින් සුවිශේෂී නිර්මාණ තෝරා සම්මානයට පත් කරන මෙම සිනමා උලෙලේදී සංස්කෘතික විවිධත්ව සම්මානය (Cultural Diversity Award) ලබාදෙන්නේ යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ ය.

ගාඩි නිර්මාණයට සම්මානය පිරිනැමෙන සම්මාන උළෙල නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්විණි.

2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළට රටවල් 70කින් සිනමාපට ඉදිරිපත් කෙරෙන බවත් මෙවර උලෙළට ආසියානු පැසිෆික් කලාපීය රටවල් 25කින් සිනමාපට 38ක් නිර්දේශ විය.
මෙම සිනමා උලෙලේ ජයග්‍රාහක ලැයිස්තුව මෙසේය.

  • හොඳම වෘතාන්ත චිත්‍රපටය – Drive My Car – ජපානය – රියුසුක්
  • ජූරියේ විශේෂ සම්මාන – Rehana- -බංග්ලාදේශය- අබ්දුල්ලා මොහොමඩ් සාද්
  • ලී පර්සෙල් -ඕස්ට්‍රේලියාව- The Drover’s Wife The Legend of Molly Johnson
  • හොඳම තරුණ වෘතාන්ත සිනමාකරු – Moving On (Nam-mae-wui Yeo-reum-bam) (දකුණු කොරියාව)
  • හොඳම සජීවිකරණ චිත්‍රපටය – The Nose or The Conspiracy of Mavericks (Nos ili zagovor netakikh) -රුසියාව
  • හොඳම වාර්තා චිත්‍රපටය – Sabaya – ස්වීඩනය
  • අධ්‍යක්ෂනයේ විශේෂතාව අස්ඝර් ෆරාඩි – A Hero (Ghahreman) – ඉරානය
  • හොඳම තිර රචනය -රියුසුක් හමගුචි – Takamasa for Drive My Car
  • සිනමාකරණ විශේෂතාව – නගුයෙන් වින් ෆුක් – Taste – වියට්නාමය
  • හොඳම නිළිය – අස්මෙරි හක් බාධොන් – Rehana – බංග්ලාදේශය
  • හොඳම නළුවා මෙරාබ් සින්ඩ්සේ – House Arrest (Delo) -රුසියාව
  • සංස්කෘතික විවිධත්වය UNESCO අනුග්‍රහයෙන් හිමිවන විශේෂ සම්මානය Children of the Sun (Gaadi) – ශ්‍රී ලංකාව
  • තරුණ සිනමාව සඳහා විශේෂ සම්මානය ලි බාඕ – වියට්නාමය