தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ගානියා බැනිස්ටර්ගේ දරකතන ඇමතුම් පිළිබඳ රහස්‍ය වාර්තා ඕනෑ - රසපරික්ෂකට අධිකරණ නියෝග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගානියා බැනිස්ටර්ගේ දරකතන ඇමතුම් පිළිබඳ රහස්‍ය වාර්තා ඕනෑ – රසපරික්ෂකට අධිකරණ නියෝග



ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගැනීමේ කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග කළ දුරකථන සංවාද අවධානයට ලක්ව තිබේ.

ඒ අනුව, ගානියා බැනිස්ටර් සමග දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇති පුද්ගලයන පිළිබඳ රසපරික්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට ඊයේ (21) දැනුම් දුදී ඇත. රජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාදුන්නැයි චෝදනා ලැබ සිටින ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.

සැකකාරියගේ ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද රජයේ රස පරීක්ෂකවරයා වෙත වැඩිදුරටත් නියෝග කළාය.