தமிழ்
English
Contact
Wednesday 12th August 2020    
ගානියා බැනිස්ටර්, රජය අපහසුතාවට ලක් කළ නිසා අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගානියා බැනිස්ටර්, රජය අපහසුතාවට ලක් කළ නිසා අත්අඩංගුවට!



කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන පැහැරගැනීමකට ලක්ව මුදාහැරි නිලධාරිනිය අද (16) අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මෙම කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඇයව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ද රැගෙන යන්නට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් පසුගිය නොවැම්බර් 25 වෙනි දින යම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීමට ලිංගික හිරිහැර කළ බවට ස්විට්සර්ලන්තය ලංකාවේ විදේශ අමාත්‍යංශයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.