தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගාලු යැවු ශානි අබේසේකර ගෙදරම යවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගාලු යැවු ශානි අබේසේකර ගෙදරම යවයි!



වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අවශ්‍යතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකරනු ලැබූ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය අත්හිටුවා තිබේ.

වහාම ක්‍රියාත්මක වනපරිදි අද (07) සිට ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව පොලිස් කොමිශන් සභාව සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ බවට සැකකරන දුරකතන සංවාද සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ලද පැමිණිලි මත මෙම පියවර ගෙන ඇත. කෙසේවෙතත් අදාල දුරකතන සංවාද සමාජ ජාලාවලට නිකුත් කෙරුණේ පොලිසිය විසින් එම හඬ පට අනාවරණය කරගැනීමෙන් බවට කෙරෙන සැකය අනුව පොලිසිය කිසියම් ආකාරයකට නීතියට පිටින් කටයුතු කරන තත්වයක්ද දක්නට ලැබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි 3ක් ලැබී ඇතැයි කියැවේ.

ඒ අනුව මේ වන විටත් එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික පොලිස් කොමිසම පැවසුවේය.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගත් ශානි අබේසේකර වැඩතහනමට ලක්වන විටත් විට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළේය.