தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගාසා තීරයේ ගැටුම්වලින් පලස්තීනුවන් 36ක් මරුට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගාසා තීරයේ ගැටුම්වලින් පලස්තීනුවන් 36ක් මරුට



ගාසා තීරයට ඊශ්‍රායල් හමුදාව විසින් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. 2014 දී සිදුවූ බෝම්බ හෙලීමෙන් පසු ගාසා තීරයේ සිදු වූ දරුණුතම ගුවන් ප්‍රහාර මාලාව මෙය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නැගෙනහිර ජෙරුසලමේ අල් අක්සා මුස්ලිම් දේවස්ථානය අසලදී ඊශ්‍රායල පොලිස් නිලධාරීන් ඉස්ලාම් බැතිමතුන්ට පහරදීම මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු සටන් ඇවිළීමේ සිදුවීමක් බවට පත්වී තිබේ. රාමසාන් මාසයේ විශේෂිත දිනයක් වූ ‘ලෙයිලතුල් කදීර්‘ දිනයේ රාත්‍රී දේවමෙහෙයට පැමිණි ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් ඊශ්‍රායල් හමුදාව විසින් පළවා හැර තිබුණි. ඉස්ලාම් මෙන්ම කතෝලික ජනතාවගෙත් ශුද්ධ භූමියක් ලෙස සැලකෙන ජෙරුසලමේ නැගෙනහිර පළාත මීට දශක කිහිපයකට පෙර ඊශ්‍රායලය අත්පත් කරගනු ලැබුවත්, එහි ඉස්ලාම් දේවස්ථානයේ දේව මෙහෙයන් සිදුකිරීමට පලස්තීන වැසියන්ට අවසර ලැබී තිබිණි. නමුත් ඊට කඩා වැදුණු ඊශ්‍රායල හමුදාව එහි සිටි වනදනාකරුවන්ට කඳුළු ගෑස්‌ එල්ලකරමින් , වානේ උණ්ඩ සහ ග්‍රෙනේඩ් එල්ලකරමින් පළවා හැර තිබුණි. මේ පළවා හැරීම්වලදී පලස්තීනුවන් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.ඉන්පසු ඊට ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි. මෙම ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් ළමුන් 10ක් ඇතුළුව පලස්තීනුවන් 36 දෙනෙකු මියගිය බව ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි. එසේම 250 ක් පමණපිරිසක් තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ද මිය ගොස් තිබේ.