தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගාසා තීරයේ පිහිටි අල් ජසීරා කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගාසා තීරයේ පිහිටි අල් ජසීරා කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්



ගාසා තීරයේ පිහිටා තිබූ අල් ජසීරා මාධ්‍ය ආයතනයට අයත් ගොඩනැගිල්ල ඊශ්‍රායලය ගුවන් හමුදා ප්‍රහාරවලට ලක්වී තිබේ.

අල් ජසීරා, ඇසෝසියේටඩ් ප්‍රෙස් කාර්යාංශය වැනි ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල මේ ප්‍රහාරය හේතුවෙන් බිමට සමතලා වී තිබේ. ඊශ්‍රායලය හමුදාව විසින් පැයක පමණ කාලයක් අනතුරු ඇඟවීමක් ලබා දී ඇති අතර ඉන් පසු ගොඩනැගිල්ලට මෙම ප්‍රහාරයට එල්ල කර ඇත.

ප්‍රහාරය අතරතුර ගොඩනැගිල්ල තුළ මිනිසුන් සිටියාද නැද්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරු අනාවරණය කරගෙන නොමැත. මෙම ගොඩනැගිල්ල මාධ්‍ය ආයතනවලට අයත් කාර්යාලවලට අමතරව පෞද්ගලික නිවාසද පිහිටා තිබූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අල්ජසීරා මාධ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායල රජය බාරගත යුතු බවයි. එසේම මෙම ප්‍රහාරයේ අරමුණ එම භූමිය තුළ සිදුවෙමින් පවතින විනාශය පිළිබඳ අවට ලෝකය දැනුවත් කිරීම වැළක්වීම බව එම නිවේදනයේ දැක්වේ.