தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ගැටලු විසඳුවොත්, ඔන්ලයින් අධ්‍යාපනය අරඹනවා! - ගුරු සංගම් අධ්‍යාපන ලේකම්ට පිළිතුරු දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගැටලු විසඳුවොත්, ඔන්ලයින් අධ්‍යාපනය අරඹනවා! – ගුරු සංගම් අධ්‍යාපන ලේකම්ට පිළිතුරු දෙයි



වසර 24ක් අමතක කළ ගුරු විදුහල්පති වෘත්තිය ගැටලුවලට විසඳුම් දෙනවා නම් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නැවත ඇරඹීමට අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලීම් කළ යුතු නැති බව ගුරු සංගම් නායකයෝ පවසති.

වසංගත සමයේ පවත්වා ගෙන ගිය ඔන්ලයින් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ‘ලංකාවීව්ස්’ කළ විමසීමකදී මේ සම්බන්ධ අදහස් පළ විය.

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන ලෙස ඉල්ලන අධ්‍යාපන ලේකම්වරයා සිය වගකීම් ඉටු කිරීමට නොහැකි වීම ගැන ලැජ්ජා විය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි. අධ්‍යාපන ලේකම්වරයාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගුරුවරුන් විසින් සිය ජංගම දුරකථන ඇතුලු මෙවලම් භාවිත කරමින් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා වියදම් දැරුවේ ස්වෙච්ඡා පදනමින් බවය. ගුරුවරුන්ට හෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පවා කිසිදු පියවරක් නොගෙන යළි ඔන්ලයින් අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා සිටීම ලජ්ජා සහගත තත්වයක් බව ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ පමණින් ගුරුවරුන්ට විසඳුම් ලැබෙන්නේ නැති බවත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් හා චක්‍රලේඛ නිකුත් කිරීම් සිදුකළ යුතු බවත්ය.

ගුරුවරුන්ට හෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පවා කිසිදු පියවරක් නොගෙන යළි ඔන්ලයින් අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා සිටීම ලජ්ජා සහගත තත්වයක් බව ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ පමණින් ගුරුවරුන්ට විසඳුම් ලැබෙන්නේ නැති බවත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් හා චක්‍රලේඛ නිකුත් කිරීම් සිදුකළ යුතු බවත්ය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර පැවසුවේ අධ්‍යාපන ලේකම්වරයා වෘත්තිය ක්‍රියාමාර්ග අවසන් කරන ලෙස ඉල්ලා සිටින්නේ කිසිදු ප්‍රතිලාභයක් නැතිව තම වියදමින් මෙවලම් සපයාගෙන ඔන්ලයින් අධ්‍යාපනය සිදු කළ ගුරු පිරිසට බව පෙන්වා දෙයි. ඔහු පවසන්නේ පසුගිය වසර එකහමාරක් තිස්සේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ඇතිව තිබෙන තත්වය ගැන අධ්‍යාපන අමාත්‍යංශයට හෝ ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බවය. මේ අතර, වසර 24ක් අසාධාරණ ලෙස උදුරා ගත් වැටුප් ගෙවීම හා වෙනත් ඉල්ලීම් මුල්කරගෙන ගුරු සංගම් ගණනාවක් විරෝධතා දැක්වූ නමුත් ඒ ඉල්ලීම්වලට ආණ්ඩුව නම්‍යශීලි බවක් පෙන්වූයේ නැතිබව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම්වරයා පවසයි.

ආණ්ඩුව විසින් වරින්වර පොරොන්දු වූයේ දීර්ඝ කාලයක් අසාධාරණ ලෙස අහිමි කළ වැටුප් ලබාදීමට වුවද පසුගිය වසරේ කැබිනට් පත්‍රිකාවක් ක්‍රියාත්මක කිරීමද අධිකරණ නියෝග අනුව කටයුතු කිරීමද සිදුව නැති බව ඔහු පෙන්වා දෙයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගන්නට උනන්දුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසා ඇති නමුත් ඔහු දන්නා ආකාරයට පසුගිය කාලයේ ආණ්ඩු කිහිපයක් සමග කළ සාකච්ඡා හෝ වෘත්තිය අරගලවලදී ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට හෝ සාධාරණ විසඳුමක් ලැබී නැති බව සංජීව බණ්ඩාර පෙන්වා දෙයි.

පසුගිය 22 වැනිදා කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගුරු විරෝධතාවයෙන් පසුව ලබා දුන් සාකච්ඡාවකදී කැබිනට් සංදේශයක් මගින් ගුරුවරුන්ට සාධාරණය ඉටු කරන බව ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශය පොරොන්දු වී ඇත. ඒ අනුව පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලැබෙනවා නම් තමන්ට දිගටම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැති බවද සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කරගෙන ගිය ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ හැකි බව ගුරුවරුන් විසින් පවසා ඇත.