தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් නැවතත් රැකියා සඳහා කැඳවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් නැවතත් රැකියා සඳහා කැඳවයි



කොවිඩ් වසංගත තත්වය මත ගැබිණි කාන්තාවන් සේවයට නොකැදවන ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වළක්වාලමින් සෞඛ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන් සේවයට වාර්තා කළ යුතු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියේ සඳහන් වන ආකාරයට ගර්භනී සමයේ අවසන් මාස 3 ගතකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරිණියන්ට වැටුප් සහිතව නිවාඩු ලබාදෙන අතර
ගර්භනී සමයේ ප්‍රථම මාස 06 ගත කරන නිලධාරිණියන් කොවිඩ් රෝගීන් නොමැති රෝහල් වාට්ටු ඒකක සදහා අනුයුක්ත කළ යුතුවේ.

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ ගර්භනී කාන්තාවන් රැකියා සඳහා නොකැඳවීමට තීරණය කරනු ලැබුවේ ඔවුන් වෛරසය හමුවේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පැවසීමෙන් අනතුරුවයි. මේ වනවිට ගැබිණි කාන්තාවන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 07 දෙනෙකු මියගොස් තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී ගැබිණි සෞඛ්‍ය නිලධාරිනියන් කුමන හෝ ආකාරයකින් සේවයේ යොදවා ගැනීම ඔවුන්ගේ ජීවිත අවදානමේ දැමීමකි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.