தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ගැබිනි මවුවරු 100ක් ඇතුළු 275ක් අබුඩාබියෙන් ලංකාවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගැබිනි මවුවරු 100ක් ඇතුළු 275ක් අබුඩාබියෙන් ලංකාවට!



කොරෝනා වසංගත තත්වය නිසා ලංකාවට පැමිනිය නොහැකිව සිටි විදේශ ශ්‍රමිකයන් අතර ගැබිනි කාන්තාවන් ඇතුළු 275 දෙනකු හෙට ලංකාවට ගෙන්වා ගනු ලබන බව විදේශ කටයුතු අමාතයංශය පවසයි.

අබුඩාබියේ විදේශගත සේවයේ යෙදී සිටියදී වසංගතය පැමිණීමෙන් කොටු වී සිටි ගැබිනි මවුවරු 100ක් ඇතුළු 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ පැමිණීමට නියමිතය. මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන 1200 කට ආසන්න පිරිසක් පසුගිය දිනවල අබුඩාබියේ ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි වී තිබිණි.

මාර්තු මස සිට ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විවිධ අවස්ථාවල කළ ඉල්ලීම් ඉටු කිරීමේදී ආණ්ඩුව මැදපෙරදිග ගෘහසේවයට ගිය කාන්තාවන් නොසළකා හැරි බවට චෝදනා ඒල්ල විය. මාස ගණනක් ගෙවුණද ඔවුන්ට සියරට පැමිණීමේ පහසුකම් සැපයීමට හෝ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කිරීමට ආණ්ඩුව අසමත් වූ බවට ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ විසින්ද විරෝධතා පවත්වන ලදී.