தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ගැලවිජ්ජා පරිපූරක ඇස්තමේන්තුවක් - කෝටි 20,000ක ලන්සුවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගැලවිජ්ජා පරිපූරක ඇස්තමේන්තුවක් – කෝටි 20,000ක ලන්සුවක්!



(TopNews) ආණ්ඩුව විසින් වසංගතයට මුවා වී ඉදිරිපත් කරන්නට යන පරිපූරක ඇස්තමේන්තුව දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම හා සංසන්දනය කිරීමේදී 1.5%ක් බව අනාවරණය වී ඇත.

කොරෝනා පාලන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසිදාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ජූනි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය .

රටේ ආර්ථිකය සම්බන්ධ සමස්ත ප්‍රතිපලයේ අගය දළ ජාතික නිෂ්පාදිතය වන අතර කෝවිඩ් වසංගතයට පෙර සිටම ඉදිරි සැලසුමක් නැති ව්‍යාපෘති, ණය කඳු ගැසීම, නාස්තිකාර වියදම් හා ලෝක පරිමාණ ආර්ථික අර්බුදය නිසා ලංකාවේ ආර්ථිකය පහළට යමින් තිබිණි. මේ වනවිට කොරෝනා වසංගතය හමුවේ රට ඇද වැටී ඇති ආර්ථික තත්වය පෙන්වා දෙන පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව විසින් ඉදිරිපත්කර ඇත.

ජනතාව විසින් විශාල දුෂ්කරතා මැද වසරක් තුළ උපයන වටිනාකමෙන් මෙසේ කොල්ල කෑම සාධාරණ ලෙස ආණ්ඩුව මවා පෙන්වන්නේ ඒ මුදල වසංගතයේ සහන සඳහා වැය කරන බව පවසමිනි. මෙම මුදල් වෙන් කෙරෙන්නේ කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීම සහ කොවිඩ් වසංගතයෙන් බලපෑම් එල්ලවූ කණ්ඩායම් හා ආර්ථික අංශ සඳහා සහන සැලසීම සඳහා යැයි කියැවුණද මෙරට වාර්ෂිකව සෞඛ්‍ය සේවයට වැය කළ යුතු ප්‍රතිපාදන කපා දැමූ පාලකයන්ට පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි වසංගතයට මුහුණ දුන් පසුවද මේ වසරේත් වසංගතය පවතින බව ගැන මතක් වී ඇත්තේ ජූනි මාසයේදීය.

ජනතා සුබසාධන කපා දැමීමෙන් පසුගිය ආණ්ඩු ගණනාවක් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් සිටි අතර සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහනය පමණක් නොව අධ්‍යාපනය පවා මුදලට ලබා ගන්නට සිදුවන ආකාරයෙන් පාසල් අධ්‍යාපනයේ වියදම මව්පියන් මත පටවන ලදී, මේ වන විට රෝහල් මගින් ප්‍රතිකාර ලබා ගන්නා ජනයාට විශාල වියදමක් කරන්නට සිදුව ඇත්තේ රෝහල් හරහා සිදු විය යුතු පරික්ෂණාගාර සේවා හා ඖෂධ මිල දී ගැනීමටය.

එසේම පොදු සහන කපා දමා වසංගත සහන ලෙස රු. 5000ක් ලබා දෙන්නේ පාලකයන්ගේ සාක්කුවෙන් ගෙවන ආකාරයෙන් බාල ප්‍රචාරක කටයුතු කරමිනි. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමේ සහ කොරෝනා තත්වයට මුහුන දීමේ කටයුතුවලට ජනතාවගේ අනාගත ඉපයීම් කොල්ල කෑඹක් ලෙස පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් අනුමත කරවා ගැනීඹ හඳුන්වා දිය හැකිය. ජනතාව උඵයන ධනය නිසි ක්‍රමවේදයන්ට කලමනාකරණ නොකර විවිධ නාස්තිකාර ව්‍යාපෘතිවලට යට කළ පාලකයන් පවුල් පිටින් ජීවත් වන්නට හම්බ කරගෙන දැන් වසංගතයේදී ජනතාව නැවත දංගෙඩිය වෙත දක්කමින් සිටී. .

වසංගත සමයේ පවා බිලියන ගණනින් ආදායම් උපදවන සේවකයන් වසංගතයට බිලි දෙමින් ලාභ ලබන සමාගම්වලට හා ධනකුවේරයන්ට බදු සහන දෙමින් ජනතාව පරිභෝජනය කරන සියල්ලෙන් අධික බදු අයකරන පාලකයන් විසිනි.