தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ගෑස් නියාමනය ප්‍රමිති ආයතනයට පවරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෑස් නියාමනය ප්‍රමිති ආයතනයට පවරයි



ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබේ.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ආනයන හා අපනයන පාලකවරයා විසින් නිකුත් කර තිබේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවේ.